My Name Is Khan (2010) | ඉස්ලාම් සැවොම ත්‍රස්තවාදීන් නොවේ

බොලිවුඩ් සිනමාවේදී ෂාරුක් ඛාන්, කාජල් සුසංයෝගය හරියට කිරි පැණි වගෙයි. මේ බව හොදින්ම හදුනාගත් සිනමා වේදියා කරන් ජොහාර්ගේ නවතම සිනමා පටය මේ වසරේ පෙබරවාරි 11 වනදා තිරගත වීම ඇරඹුනා. ලොව පුරා අති මහත් ප්‍රේක්ශක ප්‍රතිචාර ලැබූ මේ චිත්‍රපටය My Name Is Khan.

ඇමරිකාවේ ජීවත් වන ඉන්දියානු පවුලක් කේන්ද්‍ර කොට ගනිමින් අනුවේදනීය කථා පුවතක් මෙම චිත්‍රපටයේ දැක්වෙනවා. සැප්තැම්බර් 11 වන දින ඇමරිකාවේ සිදුවූ බිහිසුනු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු එරට වෙසෙන ඉස්ලාම් භක්තිකයන්ට සිදුවන කරදර හිරිහැර හා අඩන්තේට්ටම් මෙම චිත්‍රපටයේ මනාව නිරූපනයක කොට තිබෙනවා.

මේ චිත්‍රපටය කරුනු කිහිපයක් අතින් විශේෂ වෙනවා. ෂාරුක් ඛාන් හා කාජල් khabi kushi kabi gham චිත්‍රපටයෙන් වසර දහයකට පසු නැවත එකම චිත්‍රපටයක රගපානු ලබන්නේ My Name Is Khan චිත්‍රපටයේදීයි. එමෙන්ම එම චිත්‍රපට දෙකම අධ්‍යක්ෂනය කොට ඇත්තේද කරන් ජොහාර් විසිනුයි. තවද ෂාරුක් ඛාන්ගේ ඔබ මෙතෙක් නොදු‍ටු ආකාරයේ රගපැමක් මෙම චිත්‍රපටයේදී ඔබට දැක ගත හැකියි. IMDB දර්ශකයේ 7.1/10 ක රේටින්ග්ස් ලබා 5,025ක් ප්‍රෙක්ෂක මනාප ලබා ගැනිමටද මීට හැකිවී තිබෙනවා.

එහෙනම් කියෙවුවා ඇති. පහල තියෙන link එකෙන් චිත්‍රපටය බාගෙන නිවී සැනසිල්ලේ රස විදලා කොමෙන්‍ටුවකුත් දාන්න අමතක නොකර. නැවත හමුවෙමු.



The Bank Job (2008) | මෙන්න නියම හොරු

සෑහෙන කලකට පස්සේ බ්ලොග් එක පැත්තේ එන්න ලැබුනේ. ඒකට හේතු වුනේ පසුගිය දවස් වල අතිශයින් වැඩ අධික වීම. ඒ පිලිබදව ටොරන්ට්lk පාඨකයින් සමා වෙන්න ඕනේ.

හොදයි කලින් පොස්ට් එකකින් සදහන් කලා වගේ අද ඔබ වෙත ලබා දෙන්නේ The Bank Job චිත්‍රපටයයි. 1971 දී සැබෑවටම සිදුවූ බැංකු මංකොල්ලයක් පාදක කොට ගනිමින් මෙම චිත්‍රපටය නිපදවා තිබෙනවා. Jason Statham, Saffron Burrows වැනි නලු නිලියන් මෙම චිත්‍රපටයට රංගනයෙන් දායක වී තිබෙනවා. IMDB වල 7.5/10 ක ජනප්‍රියතාවයක් ලබා ගැනීමට මෙම චිත්‍රපටයට හැකි වී තිබෙනවා. එමෙන්ම ක්‍රියාදාම හා නාට්‍යමය චිත්‍රපටයක් ලෙස මෙම චිත්‍රපටය වර්ගීකරනය කල හැකියි.

The Forbidden Kingdom (2008) | අධිරාජ්‍යවාදී කුමන්ත්‍රනයක්ද?

අද ඔබ වෙත ලබා දෙන්නේ ඉතාමත් ජනප්‍රිය වූ චිත්‍රපටයක්. ජැකී චෑන්. ජෙට් ලී ඇතුලු සුපිරි නලු නිලියන් ‍රැසක් මෙම චිත්‍රපටය සදහා දායක වී තිබෙන අතරම අති දැවැන්ත පසුතල වල මෙම චිත්‍රපටය රූපගත කොට තිබෙනවා. තවත් වැදගත් කරුනක් තමයි මෙම ටොරන්ට් එක aXXo ටොරන්ට් එකක්. අයේ කතා දෙකක් නැහැ. නියම කොලිටි. බාගෙනම බලන්න.


Wanted (2009) | නීතිය අතට ගන්න පුලුවන්ද?


ඔන්න කියපු විදියටම අද අරගෙන ආවා පසුගිය වසරේ ඉන්දියාවේ තිරගත වූ චිත්‍රපට අතරින් අදායම් ඉපයීම අතින් දෙවනි තැනට පත් වුනු හින්දි චිත්‍රපටියක්. මෙහි ප්‍රධාන චරිතයට පන පොවන්නේ කඩවසම් නලු සල්මාන් ඛාන් සමග අයේශා ටාකියා. මීට කලකට පෙර දකුනු ඉන්දියාවේ නිපදවූ "Pokkiri" චිත්‍රපටයේ හින්දි Version එක ලෙස මෙම චිත්‍රපටය හැදින්විය හැකියි. එදා එම චිත්‍රපටයේ "විජෙයි" රගපෑ චරිතයට මෙවර සල්මාන් ඛාන් පන පොවනවා. තවත් වැදගත් කරුනක් තිබෙනවා. ඒ තමයි මේ චිත්‍රපට දෙකම අධ්‍යයක්ශනය කොට ඇත්තේ එකම අධ්‍යයක්ශවරයෙකු විසිනුයි. ඒ කලක් දකුනු ඉන්දිය සිනමාව තුල ජනප්‍රිය නලුවෙකු හා අති දක්ෂ නැ‍ටුම් ශිල්පියෙකු වන "ප්‍රභු දේවා".

අති උද්වේගකාර සටන් ජවනිකා සහ සුන්දර ආදර කථා ඇතුලත් චිත්‍රපට නැරඹිමට ප්‍රිය කරන හැමොම මේ චිත්‍රපටිය නරඔයි කියලා මම හිතනවා

එහෙමනම් නැවත හමුවෙමු!

ටොරන්ට් මැරතන් | ජනවාරි මාසය පුරා...

අලුත් අවුරුද්දේ අලුත් වැඩක් කරන්න කල්පනා කර කර ඉන්න කොට හිතට ආපු අදහසක් මේක. ඒ තමයි ටොරන්ට් ටිකක් එක දිගට වැඩිපුර ලබා දෙන්න ඕනේ කියන එක. පසුගිය දවස් වල බ්ලොග් එක ලියන්න බැරි වුනාට බාගත කරපු ටොරන්ට් ගොඩක් එකතු වෙලා තියෙනවා. ඒවා එකින් එක ලබා දෙන්නයි මේ සූදානම් වෙන්නේ. ඊට කලින් පෙරදසුන් බලන්නකෝ කොහොමද කියලා.

* Wanted




* The Forbidden Kingdom (aXXo)




* The Bank Job (aXXo)




* Sillunu Oru Kadhal




* Bolt (aXXo)




* Aadhavan




* Kanthaswamy



කොහොමද හොදයි නේද? මෙතන තියෙන ගොඩක් ටොරන්ට් aXXo ටොරන්ට්. aXXo Upload කරපු ටොරන්ට් ගැන කථා දෙකක් නැහැ. හොදම කොලිටි. එක නිසා භය නැතිව අරන් බලන්න පුලුවන්. එහෙමනම් අද හෙටම මැරතන් එක පටන් ගන්නවා. එතෙක් බලාපොරොත්තුවෙන් ඉන්න........

මතක ඇතිව ඔබට හිතෙන දේ කොමෙන්ට් එකක් ලෙස සදහන් කරන්න.....