Star Trek (2009) | තාරකා යුද්ධයට පසු ?

ඔන්න කාලෙකට පස්සේ අති දැවැන්ත චිත්‍රපටයක් ලබා දෙන්නයි හදන්නේ. 2009 මැයි 8 දින ප්‍රදර්ශනය ඇරඹි මෙම චිත්‍රපටය imdb රේටින්ග්ස් 8.3/10ක් දිනා ගැනීමට මේ වනවිට සමත්ව තිබෙනවා. ඉතා ජනප්‍රිය වූ රූපවාහිනී කථා මාලාවක් ඇසුරින් මෙම් චිත්‍රපටය අධ්‍යක්ෂනය කොට ඇත්තේ J.J. Abrams විසිනුයි. එමෙන්ම උසස් පරිගනක සජීවීකරන ප්‍රයෝග මේ චිත්‍රපටය පුරාම අන්තර්ගතයි.

මෙන්න මෙහෙමයි කථාව ඇරඹෙන්නේ. පිටසක්වල හමුදාවක් පෘථූවිය ආක්‍රමනය කිරිමට පැමිනෙයි එහිදී ඔවුන් සහ මිනිසුන් අතර ඉතා දරුනු ගැ‍ටුමක් සිදුවෙයි. එහිදි මිනිස් හමුදා පිරිසේ නායකයා මිය යයි. කෙසේ වූවත් පිටසක්වලයින්ගේ ආක්‍රමනය නවතී. නමුත් වසර 20කට පසු නැවත ආක්‍රමනය ඇරඹෙයි. එහිදී පෘථූවිය බේරා ගැනීමට යන පිරිසේ අණදෙන නිලධාරියා වන්නේ ඊට 20 වසරකට පෙර මියගිය අණදෙන නිලධාරියාගේ පුත්‍රයා වන James Kirk නැමැත්තායි. අවසානයේ මොහුට ආක්‍රමනය නැවැත්වීමට හැකි වේවිද......

Action,Adventure,Sci-Fi චිත්‍රපට නැරඹිමට කැමති ඔබ නැරඹිය යුතුම චිත්‍රපටයක් ලෙස Star Trek හැදින්විය හැක.



1 comment:

Anonymous said...

බලලම කියන්නම්, කොහොමද කියලා.

Post a Comment

ඔබේ අදහස් මට ගොඩක් වටිනවා. එයයි මගේ ශක්තිය. ආපු එකේ කමෙන්ට් එකක් දාලම යන්න. සිංහල, සිංගිරීසි, English මේ ඕනෑම එකකින් ලියන්න.