ආයුබොවන් 2010 | ටොරන්ට් එකක් නොවේ


2009 වසරේ ටොරන්ට් lk සමග සිටි ඔබ සැමට සුහම සුහ නව වසරක් වේවා.

පසුගිය අවුරුද්ද ගැන කථා කරනවනම් ඇත්තටම මට ඒ ගැන ගොඩක් සතු‍ටුයි. සැප්තැම්බර් 20 වෙනිදා පටන් ගත්තු බ්ලොග් එකට මේ වෙනකොට hits 3200 වඩා ලැබිලා තිබෙනවා. ඒ වගේම අලුත් මිතුරන් ‍රැසක්ද හදුනා ගන්න ලැබුනා. ඒ ගැන හිතට දැනෙන්නේ අමුතුම සතුටක්



පසුගිය දිනවල අතිශය කාර්ය බහුල වූ නිසා බ්ලොග් එක දිහා බලන්නවත් වෙලාවක් ලැබුනේ නැහැ. ඉදිරි වසරේදී වත් බ්ලොග් එක ගැන මීට වඩා උනන්දු වෙන්න ඕනේ. අලුත් ටොරනට් ටිකක් ලැබිලා තියෙනවා. ඉදිරියේදී ඒවා බ්ලොග් එකට දාන්නම්කෝ.

එහෙනම් වැඩි වැඩියෙන් ටොරනට් ලැබෙන, වැඩි වැඩියෙන් කොමෙන්ට් ලැබෙන, වැඩි වැඩියෙන් පොස්ට් දාන්න ලැබෙන, කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුහම සුහ නව වසරක් වේවා.

White Chicks (2004) | හායි මෙයාලා.. හොදට හිනා වෙන්න!

එලඹෙන සති අන්තය සිනහවෙන්, සැහැල්ලුවෙන් ගත කරන්න කැමති ඔබට අපුරූ විකට චිත්‍රපටයක් ලබා දෙන්නයි හදන්නේ. මම ඒ ගැන මීට කලින් ඔයාලට කිව්වා මතක ඇති. නමුත් ඊට පෙර 2012 චිත්‍රපටය ලබා දුන්න නිසා මේ චිත්‍රපටය ලබා දෙන එක ටිකක් කල් ගියා. Shawn Wayans හා Marlon Wayans සොහොයුරන්ගේ අපූරු රංගනයෙන් මෙම චිත්‍රපටය හැඩ වී තිබෙනවා.

කථාව කෙටියෙන් මෙහෙමයි. Kevin Copeland හා Marcus Copeland කියන්නේ අත ගහන හැම මෙහෙයුමක්ම අල කරගන්න රහස් පරික්ෂකවරු දෙදෙනෙක්. මේ නිසාම ඔවුන්ගේ ප්‍රදානියා ඔවුන්ට පවරනවා ටිකක් චාටර් මෙහෙයුමක්. ඒ Brittany Wilson හා Tiffany Wilson යන මොස්තර නිරූපිකාවන් දෙදෙනාට ආරක්ෂාව සපයන්න. ඒ ඔවුන් යම්කිසි කන්ඩායමක් විසින් පැහැරගෙන යාමට ඉඩ ඇති බව හෙලි වීම නිසා. ඔය අතරතුර මේ දෙදෙනා හදිසි අනතුරකට පත් වෙනවා අපේ රහස් පරික්ෂකවරු දෙදෙනා අතින්. ඉන් මේ දෙදෙනාට සුලු තුවාල සිදු වෙනවා. ඒත් ඉතින් දන්නේ නැද්ද ගැහැනු ලමයි. පොඩි දේත් ලොකුවට ගන්නවනේ. කොහොම හරි ඊට පස්සේ අර රහස් පරික්ෂකවරු දෙදෙනාට සිදු වෙනවා ගැහැනු වෙස් අරගෙන අර මොස්තර නිරූපිකාවන් ලෙස පෙනී සිටින්න. ඔන්න ඔය අතරේදී තමයි මේ දෙන්නට පරන මිතුරියෝ තිදෙනෙක් මුන ගැහෙන්නේ. ඊට පස්සේ ඉතින් ජොලි වැඩ ගොඩයි. බාගෙනම බලන්නකො

මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කොට ඇත්තේ Keenen Ivory Wayans විසිනුයි. ඒ වගේම සදහන් කල යුතු විශේෂ දෙයක් තිබෙනවා ඒ තමයි Shawn Wayans හා Marlon Wayans සොහොයුරන් රංගනයෙන් වගේම කථාව හා තිර රචනයෙන්ද මෙම චිත්‍රපටයට දායක වී තිබෙන බව. තවද මෙම චිත්‍රපටය සම්මාන 8කට නිර්දේශ වී ඉන් සම්මාන 2ක් දිනා ගැනීමට සමත් ව තිබෙනවා. ඉතින් මේ සති අන්තයේදී හොදට හිනා වෙලා සැහැල්ලු වෙන්න White Chicks බාගත කර ගෙන රස විදින්න





2012 | ඔබ එයට සූදානම්ද ?

ඔබට මතක ඇති පසුගිය පෝස්ට් එකෙදි මම සදහන් කලා මීලගට ලබාදෙන්නේ හොද විකට චිත්‍රපටයක් කියල. නමුත් ඒ අදහස වෙනස් කරන්න සිදුවුනා. ඒ මොකද මේ වෙනකොට ලොව වැඩිම ජනප්‍රියත්වයක් හා වැඩිම ආදායම් වාර්තා පිහි‍ටුවා අති සාර්ථක ලෙස තිරගත වන 2012 චිත්‍රපටයේ DVD rip එකක් මට ලැබුන නිසා. අලුත්ම චිත්‍රපටයක් ආවම ඒක ලබාදෙන්න තිබෙන උවමනාව හා කැමැත්ත නිසාම අද එම චිත්‍රපටය ටොරන්ට්lk වෙතින් ඔබ වෙත ලබා දෙනවා.

සුප්‍රකට The Day After tomorrow චිත්‍රපටය අධ්‍යක්ෂනය කෙරූ Roland Emmerich හා Harald Kloser මෙම චිත්‍රපටයද අධ්‍යක්ෂනය කොට තිබෙනවා. John Cusack, Amanda Peet, Chiwetel Ejiofor, Thandie Newton වැනි සුපිරි නලු නිලියන් ‍රැසක් මෙහි රංගනයෙන් දායක වී තිබෙනවා. චිත්‍රපටය ගැන වැඩි විස්තර පසුව කියන්නම්. එතෙක් චිත්‍රපටය බාගත කර රස විදින්න.

Not Without My Daughter (1991) | දෙවියන්ගේ අඩවිය

අදනම් දෙන්න යන්නේ පරණ ඒත් ලස්සන කථාවක් තියෙන චිත්‍රපටයක්. මේක අපේ හිතවත් දුකා ගේ ඉල්ලීමකට අනුව ටිකක් අමාරුවෙන් හොයා ගත්තු චිත්‍රපටයක්. බාගත කරලා බැලුවට පස්සේ තමයි හිතුනේ කොච්චර හොද චිත්‍රපටයක්ද කියලා. මුලින්ම කියන්න ඕනේ මේ චිත්‍රපටය සත්‍ය සිදුවීමක් මූලික කොටගෙන නිර්මාණය වූ චිත්‍රපටයක්. Betty Mahmoody නම් ඇමරිකානු ජාතික කාන්තාවට මුහුන දීමට සිදු වූ සිදුවීම් ඇසුරින් ඈ විසින් ලියන ලද Not Without My Daughter නම් කෘතිය ඇසුරින් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂනය කොට ඇත්තේ Brian Gilbert විසිනුයි. පසු කලෙකදී අනුලා ද සිල්වා මහත්මිය විසින් මෙම කෘතිය "දෙවියන්ගේ අඩවිය" නමින් සිංහලට පරිවර්තනය කරනු ලැබුවා.

ඇමරිකානු ජාතික කාන්තාවක් විවාහ වී සිටින්නේ ඉරාන ජාතික වෙද්‍යවරයෙකු සමගයි. ඔවුන්ට කුඩා දියණියක්ද සිටිනවා. දිනක් එම ස්වාමිපුරුශයා තම බිරිදගෙන් ඉල්ලීමක් කරනවා සති දෙකක කාලයකට තමුන්ගේ උපන් දේශය වූ ඉරානයට යාමට පැමිනෙන ලෙසට. ඔහු බිරිදගේ දෙමව්පියන් ඉදිරියේ කුරානයේ අත ගසා පොරොන්දු වෙනවා නැවතත් බිරිද හා දියණිය සමගින් ඇමරිකාවට පැමිනෙන බවට. ඉතින් මේ පිරිස ඉරානයට ගිය පසුවයි සියල්ල කනපිටට හැරෙන්නේ. සැමියා කියනවා තමුන්ට ආපසු යාමට නොහැකි බව. ඒ වගේම බිරිද හා දියණිය සිරකර තබාගන්නවා. අවසානයේ ඇය තීරණය කරනවා කෙසේ හෝ ඉරානයෙන් පලා යාමට. ඉන් පසු කුමක් සිදු වෙයිද???

තවත් සදහන් කල යුතු කරුනක් තිබෙනවා. ඒ තමයි ඉරානය වගේ මුස්ලිම් රටක ගැහැනුන්ට සලකන පහත් ආකාරය හා ඔවුන්ට සිදු වන අසාධාරණයන් ගැන මේ චිත්‍රපටයේ ඉතා හොදින් අවධානය යොමු කොට තිබෙනවා. කොටින්ම කියනවානම් ඒ රටේ පිරිමින් සමග එකට වාඩි වී ආහාර ගැනීමට තරම්වත් නිදහසක් ඔවුන්ට නෑ. මම මුලිනුත් කිව්වනේ මේක සත්‍ය සිදුවීමක් පාදක කොටගෙන නිර්මාණය වූ චිත්‍රපටයක් කියලා. ඒ කියන්නේ Betty Mahmoody වැනි කාන්තාවන් තවමත් විවිධ වූ දුක් කම්කටොලු මැද ජීවත් වෙනවා ඇති.

ඉතින් එහෙමනම් චිත්‍රපටය බාගත කරගෙන රස විදින්න. ඒ වගේම හොද නරක සදහන් කරලා කොමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා. ඔබේ ඒ අදහස් මට ලොකු ශක්තියක් වේවී.


ඊ ලගට දෙන්න යන්නේ නියම කොමඩියක්, බලාපොරොත්තුවෙන් ඉන්න

SAW VI (2009) | 1, 2, 3, 4, 5, ......

කිය කිය ඉන්න දෙයක් නැහැ අරගෙනම බලන්න

The Final Destination 4 (2009) | මරුවා සමග වාසය

මෙන්න අද දෙන්න යනවා බාගෙනම බලන්න වටින චිත්‍රපටයක්. මේ වසරේ අගොස්තු 28 වන දින ඇමෙරිකාවේ තිරගත වීම ඇරඹුන The Final Destination කථා මාලාවේ නවතම චිත්‍රපටය වන The Final Destination 4 ටොරනට් ගොනුව ඔබට දැන් භාගත කර ගත හැකියි. භය හිතෙන හා කුතුහලයෙන් පිරි චිත්‍රපට නැරඹිමට ප්‍රිය කරන හැමෝම මේකට කැමති වෙවී.

චිත්‍රපටයේ කථාව ගලා යන්නේ මෙහෙමයි. දිනක් යහලුවන් පිරිසක් යනවා ක්‍රිඩාංගනයක පැවැත්වෙන මොටර් රථ තරගයක් නරඹන්න. එහිදී සිදුවන දරුණු අනතුරකින් ප්‍රේක්ෂකාගාරයේ සිටින පිරිසක් මියයනවා. නමුත් ඒ සිදුවීම ඒක් තරුණයෙකුට කලින් දැනෙනවා. ඔහුට පුලුවන් වේවිද මිය යාමට නියමිත පිරිස බේරා ගැනීමට යන්න ඔබට චිත්‍රපටය නරඹාම තීරණය කර ගත යුතු වෙනවා.

මම දන්න තරමින් මේ චිත්‍රපටයේ හොද පිටපතක් නිකුත් වෙනතුරු ගොඩක් දෙනා ඇගිලි ගැන ගැන හිටියා. මේ පිටපත නිකුත් වෙලා වැඩි දවසක් නැහෑ. ඒ වගේම BDvD Rip එකක්. ඒක නිසා බය නැතිව අරගෙන රස විදින්න. එසේම comment එකක් දාලා යන්න අමතක කරන්න එපා.

Star Trek (2009) | තාරකා යුද්ධයට පසු ?

ඔන්න කාලෙකට පස්සේ අති දැවැන්ත චිත්‍රපටයක් ලබා දෙන්නයි හදන්නේ. 2009 මැයි 8 දින ප්‍රදර්ශනය ඇරඹි මෙම චිත්‍රපටය imdb රේටින්ග්ස් 8.3/10ක් දිනා ගැනීමට මේ වනවිට සමත්ව තිබෙනවා. ඉතා ජනප්‍රිය වූ රූපවාහිනී කථා මාලාවක් ඇසුරින් මෙම් චිත්‍රපටය අධ්‍යක්ෂනය කොට ඇත්තේ J.J. Abrams විසිනුයි. එමෙන්ම උසස් පරිගනක සජීවීකරන ප්‍රයෝග මේ චිත්‍රපටය පුරාම අන්තර්ගතයි.

මෙන්න මෙහෙමයි කථාව ඇරඹෙන්නේ. පිටසක්වල හමුදාවක් පෘථූවිය ආක්‍රමනය කිරිමට පැමිනෙයි එහිදී ඔවුන් සහ මිනිසුන් අතර ඉතා දරුනු ගැ‍ටුමක් සිදුවෙයි. එහිදි මිනිස් හමුදා පිරිසේ නායකයා මිය යයි. කෙසේ වූවත් පිටසක්වලයින්ගේ ආක්‍රමනය නවතී. නමුත් වසර 20කට පසු නැවත ආක්‍රමනය ඇරඹෙයි. එහිදී පෘථූවිය බේරා ගැනීමට යන පිරිසේ අණදෙන නිලධාරියා වන්නේ ඊට 20 වසරකට පෙර මියගිය අණදෙන නිලධාරියාගේ පුත්‍රයා වන James Kirk නැමැත්තායි. අවසානයේ මොහුට ආක්‍රමනය නැවැත්වීමට හැකි වේවිද......

Action,Adventure,Sci-Fi චිත්‍රපට නැරඹිමට කැමති ඔබ නැරඹිය යුතුම චිත්‍රපටයක් ලෙස Star Trek හැදින්විය හැක.



රූසිරි | Centigradz [2009]


කාලයක් තිස්සේ ලංකාවේ බොහෝ දෙනා බලපොරොත්තුව සිටි ගීත ඇල්බමයක් පසුගියදා නිකුත් වුනා. ඒ තමයි සෙන්ටිග්‍රේඩ්ස් සංගීත කන්ඩායමේ නවතම ගීත ඇල්බමය වන රූසිරි. එය ප්‍රථම වතාවට ටොරන්ට් lk වෙතින් ඔබ වෙත ලබා දෙනවා. ඉතින් රස විදින්න. ඒ වගේම අමතක නොකර Comment එකකුත් දාලම යන්න.

(ටොරන්ට් එක තාම අලුත් නිසා Speed ටිකක් මදි. හැම දෙනාම බාගත කරනකොට ඉක්මනට Download වෙයි)


Torrent දෙකක්ම තියෙනවා. කැමති එකකින් බාගත කර ගන්න.

බාගත කිරීමට මෙතන ඔබන්න

බාගත කිරීමට මෙතන ඔබන්න

17 Again (2009) | ආයෙත් යන්න ඇත්නම්


ඔන්න කාලෙකට පස්සේ නියම චිත්‍රපටයක් දෙන්නයි හදන්නේ. ඔබට වරමක් ලැබුනොත් ආපසු අතීතයට යන්න ඔබ යන්න කැමති මොන කාලයටද? ටිකක් කල්පනා කරලා බලන්න. තරුන දරුවන් සිටින මැදි වියේ පුද්ගලයෙකු එක්තරා දවසක අවදි වන විට වයස 17ක් කොලු ගැටයෙක් වෙලා හිටියොත් මොනවා වේවිද. 17 again චිත්‍රපටයේ කථා සාරාංශය ඔන්න ඕකයි. අරගෙනම බලන්න හොදට හිනා වෙන්න පුලුවන් අපූරු චිත්‍රපටයක්.



Toy Story 2 (1999) | ඔන්න... සෙල්ලම් පෙන්නනවා



සෙල්ලම් බඩු ගොඩකට එකපාරටම පන ආවොත් මොන වගේ වේවිද කියලා ඔබට හිතා ගන්න පුලුවන්ද. හරි අපූරුවට තියේවි නේද. කවදත් හොද සජීවීකරණ චිත්‍රපට නිපදවන Disny හා Pixar සමාගම් අපූරුවට ඒ කාර්ය්‍ය ඉ‍ටු කොට තිබෙනවා Toy Story 2 චිත්‍රපටය තුලින්.

ඇන්ඩි නම් කුඩා ලමයාට විශාල සෙල්ලම් බඩු එකතුවක් තිබෙනවා. ජනප්‍රිය කා‍ටුන් චරිතයක් වන woody ඒ අතරින් විශේශයි. දිනක් Mr. Potato Head නම් සෙල්ලම් බඩු එකතු කරන්නා විසින් woodyව පැහැරගෙන යනවා. පසුව Buzz Lightyear, Slinky Dog ඇතුලු ඔහුගේ යහලු සෙල්ලම් බඩු ඔහුව සොයා යනවා. මෙහිදි අපුරු අත්දැකීම් වලට woody Buzz Lightyear ඇතුලු පිරිසට මුහුන දීමට සිදු වෙනවා. අවසානයේ කුමක් වෙයිද?

Tom Hanks, Tim Allen ඇතුලු ජනප්‍රිය නලු නිලියන් ‍රැසක් මෙම් චිත්‍රපටයේ චරිත සදහා හඩ කවා තිබෙන අතරම ඉතාම සුපිරි අකාරයේ සජීවිකරණ චිත්‍රපටයක් ලෙස Toy Story 2 හදුන්වා දෙන්න පුලුවන්. තවද IMDB රේටිංග්ස් 8.0/10.0 ලබාගෙන එක් ඔස්කාර් සම්මානයක් ඇතුලු සම්මාන 18 කට නිර්දේශ වී තවත් සම්මාන 18ක් ලබා ගැනිමට මෙම චිත්‍රපටය සමත්ව තිබෙනවා.මම හිතන්නේ ගොඩක් පොඩි කට්ටිය මේකට කැමති වෙයි. එහෙම නේද?.........

භාගත කිරිමට මෙතැන ඔබන්න

Fast and Furious 4(2009) | ඔබේ ආසන පටි තද කර ගන්න


අද ඉදිරිපත් කරන්නේ ගොඩක් දෙනෙක් දන්න කියන චිත්‍රපටයක්. හොලිවුඩයේ ජනප්‍රිය ක්‍රියාදාම නලුවෙකු වන Vin Diesel මෙම චිත්‍රපටයේ ප්‍රදාන චරිතයට පන පොවනවා. ඔහු මිට පෙරත් මෙහි පලමු හා දෙවන කොටස් වලට දායක වූවා ඔබට මතක ඇති.

චිත්‍රපටයේ කථාව ගලා යන්නේ මෙහෙමයි. Dominic Toretto හා ඔහුගේ බිරිද cara ජීවත් වන්නේ තමන්ට අයත් කල්ලිය සමග විවිධ අපරාධ සිදු කරමිනුයි. නමුත් හදිසියේම මැර කල්ලියක සාමාජිකයෙකු අතින් ඇය අභීරහස් ලෙස මිය යනවා. ඉන් පසු Dominic Toretto වෙහෙසෙන්නේ තම බිරිදගෙ මිනීමරුවන් කව්ද කියා සෙවීමටයි. ඒ සදහා ඔහුට තවත් කල්ලියකට ඇතුලත් වීමට සිදු වෙනවා. එයට ඔහුට තරග කිහිපයකට සහභාගී විමට සිදු වෙයි. කෙසේ වූවත් අවසානයේ ඔහුට තම බිරිදගේ සැබෑ මිනිමරුවා සොයා ගැනිමට හැකි වෙයිද යන්න දැන ගැනීමට ඔබට චිත්‍රපටය නරඔන්නම සිදු වෙනවා.


අති උද්වේගකාර Car Race කිහිපයකින් සමන්විත මෙම චිත්‍රපටය IMBD Raings 6.6/10 ලබාගෙන ඇති අතර සම්මාන 4 කට නිර්දෙශ වී ඉන් 1 දිනා ගැනීම්ට සමත්ව තිබෙනවා. මෙම චිත්‍රපටය මේ වසරේ අප්‍රියෙල් 3 වනදා චිත්‍රපටය පලමු වරට ප්‍රදර්ශනය අරඹා තිබෙනවා. සුපිරි ක්‍රියාදාම ච්ත්‍රපට වලට කැමැත්තක් දක්වන ඔබ සැම නැරඹිය යුතුම චිත්‍රපටයක් ලෙස Fast and Furious 4 දැක්විය හැක.

Wrong Turn-3 Left For Dead | 2009

අද සූදානම් වෙන්නේ අමුතුම ආකාරයේ චිත්‍රපටයක් ඔබ වෙත ලබා දෙන්නයි. මෙහි පලවන හා දෙවන කොටස් සමහර විට ඔබ නරබා ඇති. මේ වසරේ නිපදවූ මෙම චිත්‍රපටය Horror movie එකක් ලෙස වර්ගීකරනය කොට තිබෙනවා. දරුණු මිනී මස් කන මිලේඡ්‍යයන් සිටින කැලෑවක අතරමං වන පිරිසක් වටා මෙහි කථාව ගලා යනවා. ඔබ Wrong Turn චිත්‍රපටයේ පලමුවන හා දෙවන කොටස් නරඹා ඇති නම්, මෙම චිත්‍රපටයද ඊට බොහෝ සේ සමාන බව හැගේවි. කෙසේ වූවත් මෙම චිත්‍රපටය වඩා සුදුසු 18+ අයටයි. කැමති අය සිටිනවානම් අදම භාගත කර නරඹන්න.


ටොරන්ට් ගොනුව භාගත කිරිමට මෙතන ඔබන්න

Love Aaj Kal 2009 | අද කාලයේ ආදරය


මේ දවස් වල ගොඩක් කාර්ය්‍යය බහුල නිසා ටික දවසකට පස්සේ පොස්ට් එකක් දාන්න ලැබුනේ..... ගොඩක් දෙනා බොහොම ආසාවෙන් බලාපොරොත්තුව සිටි නවතම හින්දි චිත්‍රපටයක හොද පිටපතක් දැන් නිකුත් වී තිබෙනවා. මෙම චිත්‍රපටයේ ගීත ඇල්බමයද මීට ඉහත ටොරනට් lk වෙතින් ලබා දුන්නා. Love Aaj Kal හින්දි චිත්‍රපට වලට කැමති ඔබ වෙනුවෙන්ම.



කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා........

Dil Bole Hadippa (2009) | හදවත නගයි ජය ඝෝෂා


මේ දිනවල ඉතා සාර්ථකව ඉන්දියාවේ සහ ශ්‍රි ලංකාවේ තිරගත වන චිත්‍රපටයක් ලබා දෙන්නයි මේ සූදානම් වෙන්නේ. සුරූපී බොලිවුඩ් නිලි රාණි මුඛර්ජි කලකට පසු වෙනස්ම අකාරයේ රංගනයක් සමගින් මෙම චිත්‍රපටයේ ද්විත්ව චරිත සදහා පණ පොවනවා. එසේම සුරූපී කඩවසම් නලු ශාහිඩ් කපූර්ගේ රංගනය ගැනත් සදහන් කල යුතුමයි.

කථාව කියනවනම් මෙන්න මෙහෙමයි....... ක්‍රිකට් ක්‍රිඩාවට ඉතා ලැදි එමෙන්ම ඉතා දක්ශ පංජාබ් යුවතියක් ඉන්නවා වීරා කියලා. ඇයගේ එම ලැදියාව නිසාම පිරිමි වෙස් ගෙන ඇතුල් වෙනවා ඉන්දියානු ක්‍රිකට් කන්ඩායමට. එම කන්ඩායමේ පුහුනුකරු වන රොහන් වෙත වීරාගෙ සිත ඇදී යන්නේ මෙහිදියි. ඉන් පසු අපුරූ අපුරූ සිදුවිම් සිදු වීම් සිදුවෙනවා. මම හිතන්නේ චිත්‍රපටය බාගත කරලම ඉතිරිය දැක බලාගත්තොත් හොදයි නේද?



කියන්න අමතක වුනා, Dil Bole Hadippa චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භ කරලා තියෙන්නේ පහුගිය මාසේ 18 වෙනිදා. ඒ කියන්නේ තවම මාසයක් නැහැ. ඒ වගේම මේකට link දෙකක්ම තියෙනවා. කැමති එකකින් බාගත කර ගන්න.










මෙන්න මෙතනින් බාගත කර ගන්න

නැත්නම් මෙතනින් බාගත කර ගන්න

The Final Destination 4 (2009) | මරුවා සමග වාසය


මෙන්න අද දෙන්න යනවා බාගෙනම බලන්න වටින චිත්‍රපටයක්. මේ වසරේ අගොස්තු 28 වන දින ඇමෙරිකාවේ තිරගත වීම ඇරඹුන The Final Destination කථා මාලාවේ නවතම චිත්‍රපටය වන The Final Destination 4 ටොරනට් ගොනුව ඔබට දැන් භාගත කර ගත හැකියි. භය හිතෙන හා කුතුහලයෙන් පිරි චිත්‍රපට නැරඹිමට ප්‍රිය කරන හැමොම මේකට කැමති වෙවී.

චිත්‍රපටයේ කථාව ගලා යන්නේ මෙහෙමයි. දිනක් යහලුවන් පිරිසක් යනවා ක්‍රිඩාංගනයක පැවැත්වෙන මොටර් රථ තරගයක් නරඹන්න. එහිදී සිදුවන දරුණු අනතුරකින් ප්‍රේක්ෂකාගාරයේ සිටින පිරිසක් මියයනවා. නමුත් ඒ සිදුවීම ඒක් තරුණයෙකුට කලින් දැනෙනවා. ඔහුට පුලුවන් වේවිද මිය යාමට නියමිත පිරිස බේරා ගැනීමට යන්න ඔබට චිත්‍රපටය නරඹාම තීරණය කර ගත යුතු වෙනවා.

මම දන්න තරමින් මේ චිත්‍රපටයේ හොද පිටපතක් නිකුත් වෙනතුරු ගොඩක් දෙනා ඇගිලි ගැන ගැන හිටියා. මේ පිටපත නිකුත් වෙලා වැඩි දවසක් නැහෑ. ඒ වගේම BDvD Rip එකක්. ඒක නිසා බය නැතිව අරගෙන රස විදින්න. එසේම ... එකක් දාලා යන්න අමතක කරන්න එපා.

Love Aaj Kal 2008 | ගීත ඇල්බමය


හා හා පුරා කියලා මුල්ම සංගීත ඇල්බමය ලබා දෙන්නයි මේ සුදානම් වෙන්නේ. බොලිවුඩ් සංගිතයට ප්‍රිය කරන හැම දෙනාම මේකට කැමති වේවී. මේ වන විටත් ඉන්දියාවේ මෙන්ම ශ්‍රි ලංකාවේද අති සාර්ථකව තිරගත වන Love Aaj Kal චිත්‍රපටයේ ගීත ඇල්බමය අද ටොරන්ට් lk ඔබ වෙත ලබා දෙනවා. ප්‍රිතම් නම් සංගීතවේදියා විසින් සංගීතවත් කල සුමියුරු
ගීත 10ක් මෙහි අඩංගුයි. සම්පූර්න චිත්‍රපටයේ ටොරන්ට් ගොනුව නිකුත් වූ විගස එය ලබා දීමට අප සුදානම්.

ටොරන්ට් lk දැන් සින්ඩියේ.

ටොරන්ට් lk 2009/26/9 වන සෙනසුරාදා සිට සින්ඩිකේටරයට ඇතුලත් කොට ඇති බව ඉතා සතුටින් දෑනුම් දෙන්නෙමු. එම කටයුතු සිදුකර දුන් ඇඩ්මින්වරු ඇතුලු සියලුම දෙනා හට මාගේ හදපිරි ස්තූතිය. නවතම ටොරන්ට් ලබාගැනීම සදහා ඔබත් අදම පිවිසෙන්න ටොරන්ට් lk වෙත.

Vaaranam Aayiram (2008) | ආදරය, විරහවේදනා, අතරමැද ජීවිතය (ඉංග්‍රීසි උපසි‍රැසි සමග)

මෙන්න දමිළ චිත්‍රපට වලට කැමති අයට නරඹන්න අපූරු චිත්‍රපටියක්. 2008 වසරේ නිර්මානය වූ මේ චිත්‍රපටය ඉන්දියාව තුල මෙන්ම ලංකාවේ ප්‍රේක්ශකයන් අතර ඉමහත් ජනප්‍රිය වූවා. මෙතෙක් නිර්මාණය වූ කථාතේමාවලින් බැහැරව නැවුම් තේමා කිහිපයක් ඇසුරින් නිපදවීම එයට හේතු වෙන්න ඇති. දමිළ සිනමාවේ ජනප්‍රියම නළුවෙක් වන සූර්ය්‍යා මෙහි ද්විත්ව චරිත රගපාමින් අති විශිශ්ට රංගනයක යෙදෙන අතරම සුරූපී නිලි සිම්රන් කලකට පසු මෙම චිත්‍රපටයෙන් නැවත ප්‍රේක්ශකයන් අතරට පැමිණෙයි. තවද සුරූපි බොලිවුඩ් නිලි සමිරා රෙඩ්ඩිගේ පලමු දමිළ චිත්‍රපටයද මෙම චිත්‍රපටයයි.

ච්ත්‍රපටයේ කථාව ගලා යන්නේ මෙහෙමයි. ක්‍රිශ්නන් (සූර්ය්‍යා) හා මාලනී (සිම්රන්) යුවලගේ පුතු වන සූර්ය්‍යා තමන්ගේ පාසල් අධ්‍යයාපනය නිමා කොට නැවත එන අතරතුර දුම්රියේදී ඔහුට තරුණියක් මුන ගැහෙනවා. ඇය මේඝ්නා (සමිරා රෙඩ්ඩි) . මුලින්ම ඇය ඔහුගේ ආදරය ප්‍රතික්ෂෙප කලත් දිගු උත්සහයකට පසු ඇයගේ ආදරය ලබා ගැනිමට සූර්ය්‍යා සමත් වෙනවා. නමුත්..... අනපෙක්ෂිත සිදුවිමක් නිසා ඔහුගේ ආදරය, මේඝ්නා මිය යනවා. ඉන් පසුව සූර්ය්‍යාට සිදුවන්නේ කුමක්ද? ඔහුට ජීවිතය නැවත ගොඩ නගා ගැනීමට උදව් කරන්නේ කව්ද? ක්‍රිශ්නන් හා මාලනී ට සිදු වන්නේ කුමක්ද?.... මේ ප්‍රශ්න සියල්ලටම පිලිතුරු වාරනම් ආයිරම් චිත්‍රපටය නරඹා දැන ගන්න.

වාරනම් ආයිරම් චිත්‍රපටය තිර රචනා කොට අධ්‍යයක්ෂණය කොට ඇත්තේ ගෞතම් මෙනන් නම් අධ්‍යයක්ෂවරයා විසිනුයි. හැරිස් ජයරාජ් නම් සංගිතවේදියාගේ සංගීතයෙන් හැඩවූ, ඉන්දියාවේ හා ඇමෙරිකාවේ සුන්දර පසුතලයන් පසුබිම් කරමින් රුපගතකෙරුනු සුමියුරු ගීත කිහිපයක් මෙහි අඩංගුයි. එමෙන්ම 7.8/10 ක IMDB රේටින්ග්ස් ලබා ඇති සුන්දර කථා තේමාවකින් යුත් ච්ත්‍රපටයකි.
විහිලු කාරයින්ගෙන් තොර මුල සිට අගට නැරඹිය හැකි දමිළ චිත්‍රපට වලට ප්‍රිය කරන ඔබ නැරඹිය යුතුම චිත්‍රපටයක් ලෙස වාරනම් ආයිරම් නම් කල හැක.


ඉංග්‍රීසි උපසි‍රැසි සමග ටොරන්ට් ගොනුව භාගත කිරිමට මෙතන ඔබන්න

The Polar Express (2004) | මැජික් දුම්රියෙන් අපූරු ගමනක්

හා හා පුරා කියලා චිත්‍රපටියක් දෙන්න තමයි මේ සුදානම් වෙන්නේ. කුඩා ලමුන්ට නිමවූ චිත්‍රපටියක් වුනත් මේක හැමෝටම බලලා රස විදින්න පුලුවන් එකක්. නත්තලට කලින් දින රාත්‍රියේ නත්තල් සීයා මුනගැසීමට යන කුඩා ලමුන් පිරිසක් වටා ගෙතුනු සුන්දර කතාවක් ගැන මේ චිත්‍රපටයෙන් කියවෙනවා. ඔවුන්ට මේ ගමන යාමට සිදු වන්නේ උත්තර ධ්‍රැවය බලා ගමන් කරන මැජික් දුම්රියකිනුයි. ඒ ගමන අතරතුර මේ ලමයින්ට පුදුමාකාර අත්දැකීම් වලට මුහුන පාන්න සිදු වෙනවා. කිසිම කම්මැලිකමකින් තොරව එක දිගටම බලන්න පුලුවන් චිත්‍රපටයක් ලෙස මෙය හදුන්වන්න පුලුවන්.

The Polar Express චිත්‍රපටය ඔස්කාර් සම්මාන 3 කට හා තවත් සම්මාන 14 කට නිර්දේශිත වී ඉන් 4 දිනාගැනීමට සමත්ව තිබෙනවා. එමෙන්ම IMDB රේටින්ග්ස් 6.7/10 ක් ලබා ගෙන තිබෙන ඉතාමත් හොද සජීවිකරන ප්‍රයෝග අන්තර්ගත චිත්‍රපටියක්. එවැනි චිත්‍රපට වලට ආස කරන හැමෝම අරගෙන නරඹන්න.

ටොරන්ට් ගොනුව භාගත කිරිමට මෙතන ඔබන්න

ABBYY FineReader 8.0 තියෙද්දි ටයිප් කරන්නේ ඇයි?


මුලින්ම දාන ටොරන්ට් එක හොද එකක් වෙන්න ඕනේ නිසා මම කල්පනා කලා ලෝකයේ දැනට වැඩිපුරම භාවිතා කරන OCR (Optical Character Recognition) මෘදුකාංගයේ ටොරන්ට් එකක් ලබා දෙන්න..jpg, .tiff, .pdf වැනි ගොනු වල තිබෙන අකුරු හදුනාගැනීමේ හැකියාව මෙම මෘදුකාංගය සතුයි. මෙහි ඇති තවත් ව්ශේෂත්වයක් නම් හදුනාගත් අකුරු Proof Reed(සාමන්‍යයෙන් සොදු පත් කියවීම යනුවෙන් හදුන්වයි.) කිරිමේ හැකියාවයි.තවද ඉංග්‍රිසි ඇතුලු භාෂා කිහිපයකම අක්ෂර වින්‍යාසය හදුනාගැනිමට ඇති හැකියාව විශේෂයෙන් සදහන් කල හැක. එසේම එම අකුරු Doc. pdf. txt. වැනි format වලින් save කර ගැනීමට අවස්ථාව මෙම මෘදුකාංගය මගින් සලසා ඇත.user interface එක භාවිතයට පහසු ආකාරයෙන් සකස් කර ඇති නිසා මේ පිලිබදව නොදන්නා අයෙකුට පවා ඉතා පහසුවෙන් භාවිතා කල හැක.

අලුත්ම අලුත්, සෑබෑම වෙනසක්. ටොරන්ට් විතරමයි

ආයුබෝවන්..... ටොරන්ට් lk වෙත පිවිසෙන ඔබ සැම සාදරයෙන් පිලිගන්නෙමු.ශ්‍රි ලංකාවේ පලමු ටොරන්ට් අඩවිය වන මෙහි නවතම චිත්‍රපටි, සංගීත ඇල්බම, රූපවාහිනී වැඩසටහන්, මෘදුකාංග, ඇතුලු බොහෝ දේ ලබාගත හැක.
ටොරන්ට් lk හී ඇති විශේෂත්වය වන්නේ යම් ගොනුවක් බාගත කිරිමට පෙර එහි හොද නරක ගැන දැනුම් දීමයි. උදාහරනයක් ලෙස යම් කිසි චිත්‍රපටියක් ගැන දැනුම් දීමේදි එහි කතා සාරාංශය, IMDB රේටින්ග්ස් ප්‍රමානය යනාදිය පිලිබදව සදහන් කෙරේ.ඒ අනුව වඩාත් හොද ටොරන්ට් බාගත කිරීමේ අවස්ථාව ඔබට හිමි වේ.

මේ වන විට ලෝකයේ වඩාත් ජනප්‍රිය ටොරන්ට් අඩවි වන demonoid.com, thepiratebay.org, mininova.org අඩවි වල පල වන නවතම හා ඉතා හොද තත්වයේ ටොරන්ට් ගොනු ඔබ වෙත ලබා දිම ටොරෙන්ට් lk අරමුනයි.මෙහි පලකරනු ලබන ටොරන්ට් වලට අමතරව ඔබට අවශ්‍ය ටොරන්ට් සම්බන්දයෙන් torrentslk@gmail.com මගින් අප වෙත දැනුම් දෙන්න.

ටොරෙනට් lk අඩවිය ඔබ සැමගේ ප්‍රතිචාර සදහා සෑම විටකම විවෘතයි.