Showing posts with label Kids. Show all posts
Showing posts with label Kids. Show all posts

Toy Story 2 (1999) | ඔන්න... සෙල්ලම් පෙන්නනවා



සෙල්ලම් බඩු ගොඩකට එකපාරටම පන ආවොත් මොන වගේ වේවිද කියලා ඔබට හිතා ගන්න පුලුවන්ද. හරි අපූරුවට තියේවි නේද. කවදත් හොද සජීවීකරණ චිත්‍රපට නිපදවන Disny හා Pixar සමාගම් අපූරුවට ඒ කාර්ය්‍ය ඉ‍ටු කොට තිබෙනවා Toy Story 2 චිත්‍රපටය තුලින්.

ඇන්ඩි නම් කුඩා ලමයාට විශාල සෙල්ලම් බඩු එකතුවක් තිබෙනවා. ජනප්‍රිය කා‍ටුන් චරිතයක් වන woody ඒ අතරින් විශේශයි. දිනක් Mr. Potato Head නම් සෙල්ලම් බඩු එකතු කරන්නා විසින් woodyව පැහැරගෙන යනවා. පසුව Buzz Lightyear, Slinky Dog ඇතුලු ඔහුගේ යහලු සෙල්ලම් බඩු ඔහුව සොයා යනවා. මෙහිදි අපුරු අත්දැකීම් වලට woody Buzz Lightyear ඇතුලු පිරිසට මුහුන දීමට සිදු වෙනවා. අවසානයේ කුමක් වෙයිද?

Tom Hanks, Tim Allen ඇතුලු ජනප්‍රිය නලු නිලියන් ‍රැසක් මෙම් චිත්‍රපටයේ චරිත සදහා හඩ කවා තිබෙන අතරම ඉතාම සුපිරි අකාරයේ සජීවිකරණ චිත්‍රපටයක් ලෙස Toy Story 2 හදුන්වා දෙන්න පුලුවන්. තවද IMDB රේටිංග්ස් 8.0/10.0 ලබාගෙන එක් ඔස්කාර් සම්මානයක් ඇතුලු සම්මාන 18 කට නිර්දේශ වී තවත් සම්මාන 18ක් ලබා ගැනිමට මෙම චිත්‍රපටය සමත්ව තිබෙනවා.මම හිතන්නේ ගොඩක් පොඩි කට්ටිය මේකට කැමති වෙයි. එහෙම නේද?.........

භාගත කිරිමට මෙතැන ඔබන්න

The Polar Express (2004) | මැජික් දුම්රියෙන් අපූරු ගමනක්

හා හා පුරා කියලා චිත්‍රපටියක් දෙන්න තමයි මේ සුදානම් වෙන්නේ. කුඩා ලමුන්ට නිමවූ චිත්‍රපටියක් වුනත් මේක හැමෝටම බලලා රස විදින්න පුලුවන් එකක්. නත්තලට කලින් දින රාත්‍රියේ නත්තල් සීයා මුනගැසීමට යන කුඩා ලමුන් පිරිසක් වටා ගෙතුනු සුන්දර කතාවක් ගැන මේ චිත්‍රපටයෙන් කියවෙනවා. ඔවුන්ට මේ ගමන යාමට සිදු වන්නේ උත්තර ධ්‍රැවය බලා ගමන් කරන මැජික් දුම්රියකිනුයි. ඒ ගමන අතරතුර මේ ලමයින්ට පුදුමාකාර අත්දැකීම් වලට මුහුන පාන්න සිදු වෙනවා. කිසිම කම්මැලිකමකින් තොරව එක දිගටම බලන්න පුලුවන් චිත්‍රපටයක් ලෙස මෙය හදුන්වන්න පුලුවන්.

The Polar Express චිත්‍රපටය ඔස්කාර් සම්මාන 3 කට හා තවත් සම්මාන 14 කට නිර්දේශිත වී ඉන් 4 දිනාගැනීමට සමත්ව තිබෙනවා. එමෙන්ම IMDB රේටින්ග්ස් 6.7/10 ක් ලබා ගෙන තිබෙන ඉතාමත් හොද සජීවිකරන ප්‍රයෝග අන්තර්ගත චිත්‍රපටියක්. එවැනි චිත්‍රපට වලට ආස කරන හැමෝම අරගෙන නරඹන්න.

ටොරන්ට් ගොනුව භාගත කිරිමට මෙතන ඔබන්න