Vaaranam Aayiram (2008) | ආදරය, විරහවේදනා, අතරමැද ජීවිතය (ඉංග්‍රීසි උපසි‍රැසි සමග)

මෙන්න දමිළ චිත්‍රපට වලට කැමති අයට නරඹන්න අපූරු චිත්‍රපටියක්. 2008 වසරේ නිර්මානය වූ මේ චිත්‍රපටය ඉන්දියාව තුල මෙන්ම ලංකාවේ ප්‍රේක්ශකයන් අතර ඉමහත් ජනප්‍රිය වූවා. මෙතෙක් නිර්මාණය වූ කථාතේමාවලින් බැහැරව නැවුම් තේමා කිහිපයක් ඇසුරින් නිපදවීම එයට හේතු වෙන්න ඇති. දමිළ සිනමාවේ ජනප්‍රියම නළුවෙක් වන සූර්ය්‍යා මෙහි ද්විත්ව චරිත රගපාමින් අති විශිශ්ට රංගනයක යෙදෙන අතරම සුරූපී නිලි සිම්රන් කලකට පසු මෙම චිත්‍රපටයෙන් නැවත ප්‍රේක්ශකයන් අතරට පැමිණෙයි. තවද සුරූපි බොලිවුඩ් නිලි සමිරා රෙඩ්ඩිගේ පලමු දමිළ චිත්‍රපටයද මෙම චිත්‍රපටයයි.

ච්ත්‍රපටයේ කථාව ගලා යන්නේ මෙහෙමයි. ක්‍රිශ්නන් (සූර්ය්‍යා) හා මාලනී (සිම්රන්) යුවලගේ පුතු වන සූර්ය්‍යා තමන්ගේ පාසල් අධ්‍යයාපනය නිමා කොට නැවත එන අතරතුර දුම්රියේදී ඔහුට තරුණියක් මුන ගැහෙනවා. ඇය මේඝ්නා (සමිරා රෙඩ්ඩි) . මුලින්ම ඇය ඔහුගේ ආදරය ප්‍රතික්ෂෙප කලත් දිගු උත්සහයකට පසු ඇයගේ ආදරය ලබා ගැනිමට සූර්ය්‍යා සමත් වෙනවා. නමුත්..... අනපෙක්ෂිත සිදුවිමක් නිසා ඔහුගේ ආදරය, මේඝ්නා මිය යනවා. ඉන් පසුව සූර්ය්‍යාට සිදුවන්නේ කුමක්ද? ඔහුට ජීවිතය නැවත ගොඩ නගා ගැනීමට උදව් කරන්නේ කව්ද? ක්‍රිශ්නන් හා මාලනී ට සිදු වන්නේ කුමක්ද?.... මේ ප්‍රශ්න සියල්ලටම පිලිතුරු වාරනම් ආයිරම් චිත්‍රපටය නරඹා දැන ගන්න.

වාරනම් ආයිරම් චිත්‍රපටය තිර රචනා කොට අධ්‍යයක්ෂණය කොට ඇත්තේ ගෞතම් මෙනන් නම් අධ්‍යයක්ෂවරයා විසිනුයි. හැරිස් ජයරාජ් නම් සංගිතවේදියාගේ සංගීතයෙන් හැඩවූ, ඉන්දියාවේ හා ඇමෙරිකාවේ සුන්දර පසුතලයන් පසුබිම් කරමින් රුපගතකෙරුනු සුමියුරු ගීත කිහිපයක් මෙහි අඩංගුයි. එමෙන්ම 7.8/10 ක IMDB රේටින්ග්ස් ලබා ඇති සුන්දර කථා තේමාවකින් යුත් ච්ත්‍රපටයකි.
විහිලු කාරයින්ගෙන් තොර මුල සිට අගට නැරඹිය හැකි දමිළ චිත්‍රපට වලට ප්‍රිය කරන ඔබ නැරඹිය යුතුම චිත්‍රපටයක් ලෙස වාරනම් ආයිරම් නම් කල හැක.


ඉංග්‍රීසි උපසි‍රැසි සමග ටොරන්ට් ගොනුව භාගත කිරිමට මෙතන ඔබන්න

No comments:

Post a Comment

ඔබේ අදහස් මට ගොඩක් වටිනවා. එයයි මගේ ශක්තිය. ආපු එකේ කමෙන්ට් එකක් දාලම යන්න. සිංහල, සිංගිරීසි, English මේ ඕනෑම එකකින් ලියන්න.