Fast and Furious 4(2009) | ඔබේ ආසන පටි තද කර ගන්න


අද ඉදිරිපත් කරන්නේ ගොඩක් දෙනෙක් දන්න කියන චිත්‍රපටයක්. හොලිවුඩයේ ජනප්‍රිය ක්‍රියාදාම නලුවෙකු වන Vin Diesel මෙම චිත්‍රපටයේ ප්‍රදාන චරිතයට පන පොවනවා. ඔහු මිට පෙරත් මෙහි පලමු හා දෙවන කොටස් වලට දායක වූවා ඔබට මතක ඇති.

චිත්‍රපටයේ කථාව ගලා යන්නේ මෙහෙමයි. Dominic Toretto හා ඔහුගේ බිරිද cara ජීවත් වන්නේ තමන්ට අයත් කල්ලිය සමග විවිධ අපරාධ සිදු කරමිනුයි. නමුත් හදිසියේම මැර කල්ලියක සාමාජිකයෙකු අතින් ඇය අභීරහස් ලෙස මිය යනවා. ඉන් පසු Dominic Toretto වෙහෙසෙන්නේ තම බිරිදගෙ මිනීමරුවන් කව්ද කියා සෙවීමටයි. ඒ සදහා ඔහුට තවත් කල්ලියකට ඇතුලත් වීමට සිදු වෙනවා. එයට ඔහුට තරග කිහිපයකට සහභාගී විමට සිදු වෙයි. කෙසේ වූවත් අවසානයේ ඔහුට තම බිරිදගේ සැබෑ මිනිමරුවා සොයා ගැනිමට හැකි වෙයිද යන්න දැන ගැනීමට ඔබට චිත්‍රපටය නරඔන්නම සිදු වෙනවා.


අති උද්වේගකාර Car Race කිහිපයකින් සමන්විත මෙම චිත්‍රපටය IMBD Raings 6.6/10 ලබාගෙන ඇති අතර සම්මාන 4 කට නිර්දෙශ වී ඉන් 1 දිනා ගැනීම්ට සමත්ව තිබෙනවා. මෙම චිත්‍රපටය මේ වසරේ අප්‍රියෙල් 3 වනදා චිත්‍රපටය පලමු වරට ප්‍රදර්ශනය අරඹා තිබෙනවා. සුපිරි ක්‍රියාදාම ච්ත්‍රපට වලට කැමැත්තක් දක්වන ඔබ සැම නැරඹිය යුතුම චිත්‍රපටයක් ලෙස Fast and Furious 4 දැක්විය හැක.

No comments:

Post a Comment

ඔබේ අදහස් මට ගොඩක් වටිනවා. එයයි මගේ ශක්තිය. ආපු එකේ කමෙන්ට් එකක් දාලම යන්න. සිංහල, සිංගිරීසි, English මේ ඕනෑම එකකින් ලියන්න.