White Chicks (2004) | හායි මෙයාලා.. හොදට හිනා වෙන්න!

එලඹෙන සති අන්තය සිනහවෙන්, සැහැල්ලුවෙන් ගත කරන්න කැමති ඔබට අපුරූ විකට චිත්‍රපටයක් ලබා දෙන්නයි හදන්නේ. මම ඒ ගැන මීට කලින් ඔයාලට කිව්වා මතක ඇති. නමුත් ඊට පෙර 2012 චිත්‍රපටය ලබා දුන්න නිසා මේ චිත්‍රපටය ලබා දෙන එක ටිකක් කල් ගියා. Shawn Wayans හා Marlon Wayans සොහොයුරන්ගේ අපූරු රංගනයෙන් මෙම චිත්‍රපටය හැඩ වී තිබෙනවා.

කථාව කෙටියෙන් මෙහෙමයි. Kevin Copeland හා Marcus Copeland කියන්නේ අත ගහන හැම මෙහෙයුමක්ම අල කරගන්න රහස් පරික්ෂකවරු දෙදෙනෙක්. මේ නිසාම ඔවුන්ගේ ප්‍රදානියා ඔවුන්ට පවරනවා ටිකක් චාටර් මෙහෙයුමක්. ඒ Brittany Wilson හා Tiffany Wilson යන මොස්තර නිරූපිකාවන් දෙදෙනාට ආරක්ෂාව සපයන්න. ඒ ඔවුන් යම්කිසි කන්ඩායමක් විසින් පැහැරගෙන යාමට ඉඩ ඇති බව හෙලි වීම නිසා. ඔය අතරතුර මේ දෙදෙනා හදිසි අනතුරකට පත් වෙනවා අපේ රහස් පරික්ෂකවරු දෙදෙනා අතින්. ඉන් මේ දෙදෙනාට සුලු තුවාල සිදු වෙනවා. ඒත් ඉතින් දන්නේ නැද්ද ගැහැනු ලමයි. පොඩි දේත් ලොකුවට ගන්නවනේ. කොහොම හරි ඊට පස්සේ අර රහස් පරික්ෂකවරු දෙදෙනාට සිදු වෙනවා ගැහැනු වෙස් අරගෙන අර මොස්තර නිරූපිකාවන් ලෙස පෙනී සිටින්න. ඔන්න ඔය අතරේදී තමයි මේ දෙන්නට පරන මිතුරියෝ තිදෙනෙක් මුන ගැහෙන්නේ. ඊට පස්සේ ඉතින් ජොලි වැඩ ගොඩයි. බාගෙනම බලන්නකො

මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කොට ඇත්තේ Keenen Ivory Wayans විසිනුයි. ඒ වගේම සදහන් කල යුතු විශේෂ දෙයක් තිබෙනවා ඒ තමයි Shawn Wayans හා Marlon Wayans සොහොයුරන් රංගනයෙන් වගේම කථාව හා තිර රචනයෙන්ද මෙම චිත්‍රපටයට දායක වී තිබෙන බව. තවද මෙම චිත්‍රපටය සම්මාන 8කට නිර්දේශ වී ඉන් සම්මාන 2ක් දිනා ගැනීමට සමත් ව තිබෙනවා. ඉතින් මේ සති අන්තයේදී හොදට හිනා වෙලා සැහැල්ලු වෙන්න White Chicks බාගත කර ගෙන රස විදින්න





1 comment:

Anonymous said...

අයියෝ මේක මම බලපු ‍එකක්...

Post a Comment

ඔබේ අදහස් මට ගොඩක් වටිනවා. එයයි මගේ ශක්තිය. ආපු එකේ කමෙන්ට් එකක් දාලම යන්න. සිංහල, සිංගිරීසි, English මේ ඕනෑම එකකින් ලියන්න.