Not Without My Daughter (1991) | දෙවියන්ගේ අඩවිය

අදනම් දෙන්න යන්නේ පරණ ඒත් ලස්සන කථාවක් තියෙන චිත්‍රපටයක්. මේක අපේ හිතවත් දුකා ගේ ඉල්ලීමකට අනුව ටිකක් අමාරුවෙන් හොයා ගත්තු චිත්‍රපටයක්. බාගත කරලා බැලුවට පස්සේ තමයි හිතුනේ කොච්චර හොද චිත්‍රපටයක්ද කියලා. මුලින්ම කියන්න ඕනේ මේ චිත්‍රපටය සත්‍ය සිදුවීමක් මූලික කොටගෙන නිර්මාණය වූ චිත්‍රපටයක්. Betty Mahmoody නම් ඇමරිකානු ජාතික කාන්තාවට මුහුන දීමට සිදු වූ සිදුවීම් ඇසුරින් ඈ විසින් ලියන ලද Not Without My Daughter නම් කෘතිය ඇසුරින් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂනය කොට ඇත්තේ Brian Gilbert විසිනුයි. පසු කලෙකදී අනුලා ද සිල්වා මහත්මිය විසින් මෙම කෘතිය "දෙවියන්ගේ අඩවිය" නමින් සිංහලට පරිවර්තනය කරනු ලැබුවා.

ඇමරිකානු ජාතික කාන්තාවක් විවාහ වී සිටින්නේ ඉරාන ජාතික වෙද්‍යවරයෙකු සමගයි. ඔවුන්ට කුඩා දියණියක්ද සිටිනවා. දිනක් එම ස්වාමිපුරුශයා තම බිරිදගෙන් ඉල්ලීමක් කරනවා සති දෙකක කාලයකට තමුන්ගේ උපන් දේශය වූ ඉරානයට යාමට පැමිනෙන ලෙසට. ඔහු බිරිදගේ දෙමව්පියන් ඉදිරියේ කුරානයේ අත ගසා පොරොන්දු වෙනවා නැවතත් බිරිද හා දියණිය සමගින් ඇමරිකාවට පැමිනෙන බවට. ඉතින් මේ පිරිස ඉරානයට ගිය පසුවයි සියල්ල කනපිටට හැරෙන්නේ. සැමියා කියනවා තමුන්ට ආපසු යාමට නොහැකි බව. ඒ වගේම බිරිද හා දියණිය සිරකර තබාගන්නවා. අවසානයේ ඇය තීරණය කරනවා කෙසේ හෝ ඉරානයෙන් පලා යාමට. ඉන් පසු කුමක් සිදු වෙයිද???

තවත් සදහන් කල යුතු කරුනක් තිබෙනවා. ඒ තමයි ඉරානය වගේ මුස්ලිම් රටක ගැහැනුන්ට සලකන පහත් ආකාරය හා ඔවුන්ට සිදු වන අසාධාරණයන් ගැන මේ චිත්‍රපටයේ ඉතා හොදින් අවධානය යොමු කොට තිබෙනවා. කොටින්ම කියනවානම් ඒ රටේ පිරිමින් සමග එකට වාඩි වී ආහාර ගැනීමට තරම්වත් නිදහසක් ඔවුන්ට නෑ. මම මුලිනුත් කිව්වනේ මේක සත්‍ය සිදුවීමක් පාදක කොටගෙන නිර්මාණය වූ චිත්‍රපටයක් කියලා. ඒ කියන්නේ Betty Mahmoody වැනි කාන්තාවන් තවමත් විවිධ වූ දුක් කම්කටොලු මැද ජීවත් වෙනවා ඇති.

ඉතින් එහෙමනම් චිත්‍රපටය බාගත කරගෙන රස විදින්න. ඒ වගේම හොද නරක සදහන් කරලා කොමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා. ඔබේ ඒ අදහස් මට ලොකු ශක්තියක් වේවී.


ඊ ලගට දෙන්න යන්නේ නියම කොමඩියක්, බලාපොරොත්තුවෙන් ඉන්න

12 comments:

දුකා said...
This comment has been removed by the author.
දුකා said...

thank u machan mage podi request eke nisa mahansi wela me film eka hoyala mata link eka ewwa eka gana. meka mama kaaalyak tisse hoya hoya hitapu ilm ekak. potha nam balala godak kal.
tnx wenna ona . film eka balalama eka gana comment ekak dannam

තිළිණ මධුශංඛ said...

සහෝ, ඔබ ඔය කියන සිංහල පරිවර්තනය මම කියවල තියෙනවා. පොත කියවල තියෙන කෙනෙකුට මේ චිත්‍රපටය වඩාත් හොඳින් රස විඳින්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. හේතුව, පොත කියවල තියෙන කෙනෙකුට පොතේ සඳහන් කරලා තියෙන දේවල් හිතේ මවා ගෙන කතාව රස විඳින්න කාලය තියෙනවා. ඒත්, චිත්‍රපටය නරඹන කෙනෙකුට ඒ වගේ අවකාශයක් නැති වෙන්න පුළුවන්. හේතුව, චිත්‍රපටය ගලාගෙන යන නිසා අපිට පුළුවන් වෙන්න ඕනෙ ඒ වේගයෙන්ම එයින් කියවෙන දේ ග්‍රහණය කර ගන්න. නමුත්, මේකේ අනිත් පැත්ත වෙන්නත් පුළුවන්. ඒ කිව්වේ, පොත කියවපු කෙනෙක් චිත්‍රපටය නරඹන කොට කතාව සම්පූර්ණයෙන් දන්න නිසා කුතුහලය තරමක් දුරට අඩු වෙන්නත් පුළුවන්. කොහොම වුනත් කතාව හොඳ බව දන්න නිසා, චිත්‍රපටයත් හොඳ ඇති බව හිතනවා. බලමු. :)
තව දෙයක් කියන්න ඕනේ. මේ කතාවේ කියවෙනවා ඉරානය වගේ රට වල කාන්තාවන්ට තියෙන තැන සහ ඔවුන්ට සලකන ආකාරය. මට මතකයි, මම පසුගිය අවුරුද්දේ පුවත්පතක ලිපියක් කියෙව්වා ඉරානය ගැන. අතීතයේදී ඒ රට වල කාන්තාවන්ට සලකලා තියෙන විධිය නිසාද කොහෙද, ඒ ලිපියේ සඳහන් කරලා තිබුනේ වර්තමානයේ ඉරානයේ කාන්තාවන්ට හිමිවී තිබෙන නිදහස පිළිබඳවයි. මේ සිදුවීම වෙලා තියෙන්නේ 1984 නේ. සමහරවිට, දැන් තත්ත්වය වෙනස් වෙලා ඇති. හැබැයි, හරියටම කියන්න දන්නේ නෑ.

malee_msg said...

අප්පා... මේක මමත් කියවලා තියනවා.. දුකා අයියා මට කිව්වා පොත ගැන ලිපියක් ලියන්න කියලත්.. තව පොතක් කියවලා ලියන්න හිටියට තාම බැරි උනා.. ඒ අස්සේ මේක දැක්ක එක නම් ලොකු දෙයක්.

@වෙජි - මම නම් කියවලා තියන පොත් වලින් කරලා තිබුනු ෆිල්ම් ගැන නම් බොහෝ විට දුක් වෙනවා.. ඇයි දන්නවද? අපි හිතිං මවන දේවල් ෆිල්ම් එකේ ඩිරෙක්ටර් දකින විදියට වඩා වෙනස් නසා බොහෝ විට වෙන්නේ කථාවේ අපි වැඩියම අගය කරන කොටස් ෆිල්ම් එකේ නැති වෙන එක. සරලවම අපේ ෆැන්ටසිය බිදෙන එක.. හැබැයි එහෙමයි කියලා මේක නොබලා ඉන්න එපා.. මාත් බලනවා..

ටොරන්ට් එක දුන්නට ස්තූතියි...!

හසිත මදුශංක said...

@දුකා..
ඒක සුලු දෙයක්නේ. හැබැයි ඒ සුලු දෙයින් මම ගොඩක් සතු‍ටු වුනා.

@වෙජී..
ඇත්ත මම ඔබත් සමග එකගයි. මේ චිත්‍රපටයේ කියවෙන්නේ කාලීන සිදුවීමක්. ඒක නිසා මම හිතනවා කට්ටිය බොහොම ආසාවෙන් මේක නරඹයි කියලා. ඒ වගේම බොහොම ස්තුතියි අදහස් දැක් වූවාට.

@malee_msg..
ස්තූතියි මලී මේ පැත්තේ ආවට. බලන් ගියාම අපේ දුකා අයියා මේ චිත්‍රපටය ගැන සැහෙන උනන්දුවකින්නේ ඉදලා තියෙන්නේ. චිත්‍රපටය බලලම කියන්නකෝ ඔයා හිතන් ඉදපු විදියටම මේක හදලා තියෙනවද කියලා. මම නම් හිතන්නේ නැහැ ඔයාට මේක බලලා දුක් වෙන්න වෙයි කියලා.

රොයිලි said...

අවුරුදු 6 විතර කලින් කියවපු පොතක්. ඇත්තටම හරිම ආසවෙන් කියවපු පොතක්. ස්තූතියි මචං චිත්‍රපටිය හොයලා දුන්නට.

BuLa said...

nice film & book

uditha said...

මමත් බැලුවා

Anonymous said...

ඔය කට්ටිය ඔච්චර කියන එකේ මාත් downlaod කරගන්නවා බලන්න. බලලා කියන්නම් කොහොමද කියලා.

හසිත මදුශංක said...

@රොයිලි

ඕක මොකක්ද සහෝ. නරකද මේකටත් සිංහල සබ් දැම්මොත්?

@ukbl & uditha

thanks for your comment

@Anonymous

නියමයි. බාලම කියන්න

kkroxc said...

me magula wada karanne rar file godak enne balanne kohamada

හසිත මදුශංක said...

අයියෝ සිම්පල්නේ win Rar වලින් පලවෙනි File එක Open කරලා Extract all විධානය ලබා දෙන්න.

Post a Comment

ඔබේ අදහස් මට ගොඩක් වටිනවා. එයයි මගේ ශක්තිය. ආපු එකේ කමෙන්ට් එකක් දාලම යන්න. සිංහල, සිංගිරීසි, English මේ ඕනෑම එකකින් ලියන්න.