Toy Story 2 (1999) | ඔන්න... සෙල්ලම් පෙන්නනවා



සෙල්ලම් බඩු ගොඩකට එකපාරටම පන ආවොත් මොන වගේ වේවිද කියලා ඔබට හිතා ගන්න පුලුවන්ද. හරි අපූරුවට තියේවි නේද. කවදත් හොද සජීවීකරණ චිත්‍රපට නිපදවන Disny හා Pixar සමාගම් අපූරුවට ඒ කාර්ය්‍ය ඉ‍ටු කොට තිබෙනවා Toy Story 2 චිත්‍රපටය තුලින්.

ඇන්ඩි නම් කුඩා ලමයාට විශාල සෙල්ලම් බඩු එකතුවක් තිබෙනවා. ජනප්‍රිය කා‍ටුන් චරිතයක් වන woody ඒ අතරින් විශේශයි. දිනක් Mr. Potato Head නම් සෙල්ලම් බඩු එකතු කරන්නා විසින් woodyව පැහැරගෙන යනවා. පසුව Buzz Lightyear, Slinky Dog ඇතුලු ඔහුගේ යහලු සෙල්ලම් බඩු ඔහුව සොයා යනවා. මෙහිදි අපුරු අත්දැකීම් වලට woody Buzz Lightyear ඇතුලු පිරිසට මුහුන දීමට සිදු වෙනවා. අවසානයේ කුමක් වෙයිද?

Tom Hanks, Tim Allen ඇතුලු ජනප්‍රිය නලු නිලියන් ‍රැසක් මෙම් චිත්‍රපටයේ චරිත සදහා හඩ කවා තිබෙන අතරම ඉතාම සුපිරි අකාරයේ සජීවිකරණ චිත්‍රපටයක් ලෙස Toy Story 2 හදුන්වා දෙන්න පුලුවන්. තවද IMDB රේටිංග්ස් 8.0/10.0 ලබාගෙන එක් ඔස්කාර් සම්මානයක් ඇතුලු සම්මාන 18 කට නිර්දේශ වී තවත් සම්මාන 18ක් ලබා ගැනිමට මෙම චිත්‍රපටය සමත්ව තිබෙනවා.මම හිතන්නේ ගොඩක් පොඩි කට්ටිය මේකට කැමති වෙයි. එහෙම නේද?.........

භාගත කිරිමට මෙතැන ඔබන්න

1 comment:

Dasun Wanaguru said...

mama meke one balala tiyenawa...adenawa mekath balamu
thank u....

Post a Comment

ඔබේ අදහස් මට ගොඩක් වටිනවා. එයයි මගේ ශක්තිය. ආපු එකේ කමෙන්ට් එකක් දාලම යන්න. සිංහල, සිංගිරීසි, English මේ ඕනෑම එකකින් ලියන්න.