The Forbidden Kingdom (2008) | අධිරාජ්‍යවාදී කුමන්ත්‍රනයක්ද?

අද ඔබ වෙත ලබා දෙන්නේ ඉතාමත් ජනප්‍රිය වූ චිත්‍රපටයක්. ජැකී චෑන්. ජෙට් ලී ඇතුලු සුපිරි නලු නිලියන් ‍රැසක් මෙම චිත්‍රපටය සදහා දායක වී තිබෙන අතරම අති දැවැන්ත පසුතල වල මෙම චිත්‍රපටය රූපගත කොට තිබෙනවා. තවත් වැදගත් කරුනක් තමයි මෙම ටොරන්ට් එක aXXo ටොරන්ට් එකක්. අයේ කතා දෙකක් නැහැ. නියම කොලිටි. බාගෙනම බලන්න.


Wanted (2009) | නීතිය අතට ගන්න පුලුවන්ද?


ඔන්න කියපු විදියටම අද අරගෙන ආවා පසුගිය වසරේ ඉන්දියාවේ තිරගත වූ චිත්‍රපට අතරින් අදායම් ඉපයීම අතින් දෙවනි තැනට පත් වුනු හින්දි චිත්‍රපටියක්. මෙහි ප්‍රධාන චරිතයට පන පොවන්නේ කඩවසම් නලු සල්මාන් ඛාන් සමග අයේශා ටාකියා. මීට කලකට පෙර දකුනු ඉන්දියාවේ නිපදවූ "Pokkiri" චිත්‍රපටයේ හින්දි Version එක ලෙස මෙම චිත්‍රපටය හැදින්විය හැකියි. එදා එම චිත්‍රපටයේ "විජෙයි" රගපෑ චරිතයට මෙවර සල්මාන් ඛාන් පන පොවනවා. තවත් වැදගත් කරුනක් තිබෙනවා. ඒ තමයි මේ චිත්‍රපට දෙකම අධ්‍යයක්ශනය කොට ඇත්තේ එකම අධ්‍යයක්ශවරයෙකු විසිනුයි. ඒ කලක් දකුනු ඉන්දිය සිනමාව තුල ජනප්‍රිය නලුවෙකු හා අති දක්ෂ නැ‍ටුම් ශිල්පියෙකු වන "ප්‍රභු දේවා".

අති උද්වේගකාර සටන් ජවනිකා සහ සුන්දර ආදර කථා ඇතුලත් චිත්‍රපට නැරඹිමට ප්‍රිය කරන හැමොම මේ චිත්‍රපටිය නරඔයි කියලා මම හිතනවා

එහෙමනම් නැවත හමුවෙමු!

ටොරන්ට් මැරතන් | ජනවාරි මාසය පුරා...

අලුත් අවුරුද්දේ අලුත් වැඩක් කරන්න කල්පනා කර කර ඉන්න කොට හිතට ආපු අදහසක් මේක. ඒ තමයි ටොරන්ට් ටිකක් එක දිගට වැඩිපුර ලබා දෙන්න ඕනේ කියන එක. පසුගිය දවස් වල බ්ලොග් එක ලියන්න බැරි වුනාට බාගත කරපු ටොරන්ට් ගොඩක් එකතු වෙලා තියෙනවා. ඒවා එකින් එක ලබා දෙන්නයි මේ සූදානම් වෙන්නේ. ඊට කලින් පෙරදසුන් බලන්නකෝ කොහොමද කියලා.

* Wanted




* The Forbidden Kingdom (aXXo)




* The Bank Job (aXXo)




* Sillunu Oru Kadhal




* Bolt (aXXo)




* Aadhavan




* Kanthaswamy



කොහොමද හොදයි නේද? මෙතන තියෙන ගොඩක් ටොරන්ට් aXXo ටොරන්ට්. aXXo Upload කරපු ටොරන්ට් ගැන කථා දෙකක් නැහැ. හොදම කොලිටි. එක නිසා භය නැතිව අරන් බලන්න පුලුවන්. එහෙමනම් අද හෙටම මැරතන් එක පටන් ගන්නවා. එතෙක් බලාපොරොත්තුවෙන් ඉන්න........

මතක ඇතිව ඔබට හිතෙන දේ කොමෙන්ට් එකක් ලෙස සදහන් කරන්න.....

ආයුබොවන් 2010 | ටොරන්ට් එකක් නොවේ


2009 වසරේ ටොරන්ට් lk සමග සිටි ඔබ සැමට සුහම සුහ නව වසරක් වේවා.

පසුගිය අවුරුද්ද ගැන කථා කරනවනම් ඇත්තටම මට ඒ ගැන ගොඩක් සතු‍ටුයි. සැප්තැම්බර් 20 වෙනිදා පටන් ගත්තු බ්ලොග් එකට මේ වෙනකොට hits 3200 වඩා ලැබිලා තිබෙනවා. ඒ වගේම අලුත් මිතුරන් ‍රැසක්ද හදුනා ගන්න ලැබුනා. ඒ ගැන හිතට දැනෙන්නේ අමුතුම සතුටක්



පසුගිය දිනවල අතිශය කාර්ය බහුල වූ නිසා බ්ලොග් එක දිහා බලන්නවත් වෙලාවක් ලැබුනේ නැහැ. ඉදිරි වසරේදී වත් බ්ලොග් එක ගැන මීට වඩා උනන්දු වෙන්න ඕනේ. අලුත් ටොරනට් ටිකක් ලැබිලා තියෙනවා. ඉදිරියේදී ඒවා බ්ලොග් එකට දාන්නම්කෝ.

එහෙනම් වැඩි වැඩියෙන් ටොරනට් ලැබෙන, වැඩි වැඩියෙන් කොමෙන්ට් ලැබෙන, වැඩි වැඩියෙන් පොස්ට් දාන්න ලැබෙන, කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුහම සුහ නව වසරක් වේවා.

White Chicks (2004) | හායි මෙයාලා.. හොදට හිනා වෙන්න!

එලඹෙන සති අන්තය සිනහවෙන්, සැහැල්ලුවෙන් ගත කරන්න කැමති ඔබට අපුරූ විකට චිත්‍රපටයක් ලබා දෙන්නයි හදන්නේ. මම ඒ ගැන මීට කලින් ඔයාලට කිව්වා මතක ඇති. නමුත් ඊට පෙර 2012 චිත්‍රපටය ලබා දුන්න නිසා මේ චිත්‍රපටය ලබා දෙන එක ටිකක් කල් ගියා. Shawn Wayans හා Marlon Wayans සොහොයුරන්ගේ අපූරු රංගනයෙන් මෙම චිත්‍රපටය හැඩ වී තිබෙනවා.

කථාව කෙටියෙන් මෙහෙමයි. Kevin Copeland හා Marcus Copeland කියන්නේ අත ගහන හැම මෙහෙයුමක්ම අල කරගන්න රහස් පරික්ෂකවරු දෙදෙනෙක්. මේ නිසාම ඔවුන්ගේ ප්‍රදානියා ඔවුන්ට පවරනවා ටිකක් චාටර් මෙහෙයුමක්. ඒ Brittany Wilson හා Tiffany Wilson යන මොස්තර නිරූපිකාවන් දෙදෙනාට ආරක්ෂාව සපයන්න. ඒ ඔවුන් යම්කිසි කන්ඩායමක් විසින් පැහැරගෙන යාමට ඉඩ ඇති බව හෙලි වීම නිසා. ඔය අතරතුර මේ දෙදෙනා හදිසි අනතුරකට පත් වෙනවා අපේ රහස් පරික්ෂකවරු දෙදෙනා අතින්. ඉන් මේ දෙදෙනාට සුලු තුවාල සිදු වෙනවා. ඒත් ඉතින් දන්නේ නැද්ද ගැහැනු ලමයි. පොඩි දේත් ලොකුවට ගන්නවනේ. කොහොම හරි ඊට පස්සේ අර රහස් පරික්ෂකවරු දෙදෙනාට සිදු වෙනවා ගැහැනු වෙස් අරගෙන අර මොස්තර නිරූපිකාවන් ලෙස පෙනී සිටින්න. ඔන්න ඔය අතරේදී තමයි මේ දෙන්නට පරන මිතුරියෝ තිදෙනෙක් මුන ගැහෙන්නේ. ඊට පස්සේ ඉතින් ජොලි වැඩ ගොඩයි. බාගෙනම බලන්නකො

මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කොට ඇත්තේ Keenen Ivory Wayans විසිනුයි. ඒ වගේම සදහන් කල යුතු විශේෂ දෙයක් තිබෙනවා ඒ තමයි Shawn Wayans හා Marlon Wayans සොහොයුරන් රංගනයෙන් වගේම කථාව හා තිර රචනයෙන්ද මෙම චිත්‍රපටයට දායක වී තිබෙන බව. තවද මෙම චිත්‍රපටය සම්මාන 8කට නිර්දේශ වී ඉන් සම්මාන 2ක් දිනා ගැනීමට සමත් ව තිබෙනවා. ඉතින් මේ සති අන්තයේදී හොදට හිනා වෙලා සැහැල්ලු වෙන්න White Chicks බාගත කර ගෙන රස විදින්න





2012 | ඔබ එයට සූදානම්ද ?

ඔබට මතක ඇති පසුගිය පෝස්ට් එකෙදි මම සදහන් කලා මීලගට ලබාදෙන්නේ හොද විකට චිත්‍රපටයක් කියල. නමුත් ඒ අදහස වෙනස් කරන්න සිදුවුනා. ඒ මොකද මේ වෙනකොට ලොව වැඩිම ජනප්‍රියත්වයක් හා වැඩිම ආදායම් වාර්තා පිහි‍ටුවා අති සාර්ථක ලෙස තිරගත වන 2012 චිත්‍රපටයේ DVD rip එකක් මට ලැබුන නිසා. අලුත්ම චිත්‍රපටයක් ආවම ඒක ලබාදෙන්න තිබෙන උවමනාව හා කැමැත්ත නිසාම අද එම චිත්‍රපටය ටොරන්ට්lk වෙතින් ඔබ වෙත ලබා දෙනවා.

සුප්‍රකට The Day After tomorrow චිත්‍රපටය අධ්‍යක්ෂනය කෙරූ Roland Emmerich හා Harald Kloser මෙම චිත්‍රපටයද අධ්‍යක්ෂනය කොට තිබෙනවා. John Cusack, Amanda Peet, Chiwetel Ejiofor, Thandie Newton වැනි සුපිරි නලු නිලියන් ‍රැසක් මෙහි රංගනයෙන් දායක වී තිබෙනවා. චිත්‍රපටය ගැන වැඩි විස්තර පසුව කියන්නම්. එතෙක් චිත්‍රපටය බාගත කර රස විදින්න.

Not Without My Daughter (1991) | දෙවියන්ගේ අඩවිය

අදනම් දෙන්න යන්නේ පරණ ඒත් ලස්සන කථාවක් තියෙන චිත්‍රපටයක්. මේක අපේ හිතවත් දුකා ගේ ඉල්ලීමකට අනුව ටිකක් අමාරුවෙන් හොයා ගත්තු චිත්‍රපටයක්. බාගත කරලා බැලුවට පස්සේ තමයි හිතුනේ කොච්චර හොද චිත්‍රපටයක්ද කියලා. මුලින්ම කියන්න ඕනේ මේ චිත්‍රපටය සත්‍ය සිදුවීමක් මූලික කොටගෙන නිර්මාණය වූ චිත්‍රපටයක්. Betty Mahmoody නම් ඇමරිකානු ජාතික කාන්තාවට මුහුන දීමට සිදු වූ සිදුවීම් ඇසුරින් ඈ විසින් ලියන ලද Not Without My Daughter නම් කෘතිය ඇසුරින් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂනය කොට ඇත්තේ Brian Gilbert විසිනුයි. පසු කලෙකදී අනුලා ද සිල්වා මහත්මිය විසින් මෙම කෘතිය "දෙවියන්ගේ අඩවිය" නමින් සිංහලට පරිවර්තනය කරනු ලැබුවා.

ඇමරිකානු ජාතික කාන්තාවක් විවාහ වී සිටින්නේ ඉරාන ජාතික වෙද්‍යවරයෙකු සමගයි. ඔවුන්ට කුඩා දියණියක්ද සිටිනවා. දිනක් එම ස්වාමිපුරුශයා තම බිරිදගෙන් ඉල්ලීමක් කරනවා සති දෙකක කාලයකට තමුන්ගේ උපන් දේශය වූ ඉරානයට යාමට පැමිනෙන ලෙසට. ඔහු බිරිදගේ දෙමව්පියන් ඉදිරියේ කුරානයේ අත ගසා පොරොන්දු වෙනවා නැවතත් බිරිද හා දියණිය සමගින් ඇමරිකාවට පැමිනෙන බවට. ඉතින් මේ පිරිස ඉරානයට ගිය පසුවයි සියල්ල කනපිටට හැරෙන්නේ. සැමියා කියනවා තමුන්ට ආපසු යාමට නොහැකි බව. ඒ වගේම බිරිද හා දියණිය සිරකර තබාගන්නවා. අවසානයේ ඇය තීරණය කරනවා කෙසේ හෝ ඉරානයෙන් පලා යාමට. ඉන් පසු කුමක් සිදු වෙයිද???

තවත් සදහන් කල යුතු කරුනක් තිබෙනවා. ඒ තමයි ඉරානය වගේ මුස්ලිම් රටක ගැහැනුන්ට සලකන පහත් ආකාරය හා ඔවුන්ට සිදු වන අසාධාරණයන් ගැන මේ චිත්‍රපටයේ ඉතා හොදින් අවධානය යොමු කොට තිබෙනවා. කොටින්ම කියනවානම් ඒ රටේ පිරිමින් සමග එකට වාඩි වී ආහාර ගැනීමට තරම්වත් නිදහසක් ඔවුන්ට නෑ. මම මුලිනුත් කිව්වනේ මේක සත්‍ය සිදුවීමක් පාදක කොටගෙන නිර්මාණය වූ චිත්‍රපටයක් කියලා. ඒ කියන්නේ Betty Mahmoody වැනි කාන්තාවන් තවමත් විවිධ වූ දුක් කම්කටොලු මැද ජීවත් වෙනවා ඇති.

ඉතින් එහෙමනම් චිත්‍රපටය බාගත කරගෙන රස විදින්න. ඒ වගේම හොද නරක සදහන් කරලා කොමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා. ඔබේ ඒ අදහස් මට ලොකු ශක්තියක් වේවී.


ඊ ලගට දෙන්න යන්නේ නියම කොමඩියක්, බලාපොරොත්තුවෙන් ඉන්න

SAW VI (2009) | 1, 2, 3, 4, 5, ......

කිය කිය ඉන්න දෙයක් නැහැ අරගෙනම බලන්න

The Final Destination 4 (2009) | මරුවා සමග වාසය

මෙන්න අද දෙන්න යනවා බාගෙනම බලන්න වටින චිත්‍රපටයක්. මේ වසරේ අගොස්තු 28 වන දින ඇමෙරිකාවේ තිරගත වීම ඇරඹුන The Final Destination කථා මාලාවේ නවතම චිත්‍රපටය වන The Final Destination 4 ටොරනට් ගොනුව ඔබට දැන් භාගත කර ගත හැකියි. භය හිතෙන හා කුතුහලයෙන් පිරි චිත්‍රපට නැරඹිමට ප්‍රිය කරන හැමෝම මේකට කැමති වෙවී.

චිත්‍රපටයේ කථාව ගලා යන්නේ මෙහෙමයි. දිනක් යහලුවන් පිරිසක් යනවා ක්‍රිඩාංගනයක පැවැත්වෙන මොටර් රථ තරගයක් නරඹන්න. එහිදී සිදුවන දරුණු අනතුරකින් ප්‍රේක්ෂකාගාරයේ සිටින පිරිසක් මියයනවා. නමුත් ඒ සිදුවීම ඒක් තරුණයෙකුට කලින් දැනෙනවා. ඔහුට පුලුවන් වේවිද මිය යාමට නියමිත පිරිස බේරා ගැනීමට යන්න ඔබට චිත්‍රපටය නරඹාම තීරණය කර ගත යුතු වෙනවා.

මම දන්න තරමින් මේ චිත්‍රපටයේ හොද පිටපතක් නිකුත් වෙනතුරු ගොඩක් දෙනා ඇගිලි ගැන ගැන හිටියා. මේ පිටපත නිකුත් වෙලා වැඩි දවසක් නැහෑ. ඒ වගේම BDvD Rip එකක්. ඒක නිසා බය නැතිව අරගෙන රස විදින්න. එසේම comment එකක් දාලා යන්න අමතක කරන්න එපා.

Star Trek (2009) | තාරකා යුද්ධයට පසු ?

ඔන්න කාලෙකට පස්සේ අති දැවැන්ත චිත්‍රපටයක් ලබා දෙන්නයි හදන්නේ. 2009 මැයි 8 දින ප්‍රදර්ශනය ඇරඹි මෙම චිත්‍රපටය imdb රේටින්ග්ස් 8.3/10ක් දිනා ගැනීමට මේ වනවිට සමත්ව තිබෙනවා. ඉතා ජනප්‍රිය වූ රූපවාහිනී කථා මාලාවක් ඇසුරින් මෙම් චිත්‍රපටය අධ්‍යක්ෂනය කොට ඇත්තේ J.J. Abrams විසිනුයි. එමෙන්ම උසස් පරිගනක සජීවීකරන ප්‍රයෝග මේ චිත්‍රපටය පුරාම අන්තර්ගතයි.

මෙන්න මෙහෙමයි කථාව ඇරඹෙන්නේ. පිටසක්වල හමුදාවක් පෘථූවිය ආක්‍රමනය කිරිමට පැමිනෙයි එහිදී ඔවුන් සහ මිනිසුන් අතර ඉතා දරුනු ගැ‍ටුමක් සිදුවෙයි. එහිදි මිනිස් හමුදා පිරිසේ නායකයා මිය යයි. කෙසේ වූවත් පිටසක්වලයින්ගේ ආක්‍රමනය නවතී. නමුත් වසර 20කට පසු නැවත ආක්‍රමනය ඇරඹෙයි. එහිදී පෘථූවිය බේරා ගැනීමට යන පිරිසේ අණදෙන නිලධාරියා වන්නේ ඊට 20 වසරකට පෙර මියගිය අණදෙන නිලධාරියාගේ පුත්‍රයා වන James Kirk නැමැත්තායි. අවසානයේ මොහුට ආක්‍රමනය නැවැත්වීමට හැකි වේවිද......

Action,Adventure,Sci-Fi චිත්‍රපට නැරඹිමට කැමති ඔබ නැරඹිය යුතුම චිත්‍රපටයක් ලෙස Star Trek හැදින්විය හැක.