Toy Story 2 (1999) | ඔන්න... සෙල්ලම් පෙන්නනවා



සෙල්ලම් බඩු ගොඩකට එකපාරටම පන ආවොත් මොන වගේ වේවිද කියලා ඔබට හිතා ගන්න පුලුවන්ද. හරි අපූරුවට තියේවි නේද. කවදත් හොද සජීවීකරණ චිත්‍රපට නිපදවන Disny හා Pixar සමාගම් අපූරුවට ඒ කාර්ය්‍ය ඉ‍ටු කොට තිබෙනවා Toy Story 2 චිත්‍රපටය තුලින්.

ඇන්ඩි නම් කුඩා ලමයාට විශාල සෙල්ලම් බඩු එකතුවක් තිබෙනවා. ජනප්‍රිය කා‍ටුන් චරිතයක් වන woody ඒ අතරින් විශේශයි. දිනක් Mr. Potato Head නම් සෙල්ලම් බඩු එකතු කරන්නා විසින් woodyව පැහැරගෙන යනවා. පසුව Buzz Lightyear, Slinky Dog ඇතුලු ඔහුගේ යහලු සෙල්ලම් බඩු ඔහුව සොයා යනවා. මෙහිදි අපුරු අත්දැකීම් වලට woody Buzz Lightyear ඇතුලු පිරිසට මුහුන දීමට සිදු වෙනවා. අවසානයේ කුමක් වෙයිද?

Tom Hanks, Tim Allen ඇතුලු ජනප්‍රිය නලු නිලියන් ‍රැසක් මෙම් චිත්‍රපටයේ චරිත සදහා හඩ කවා තිබෙන අතරම ඉතාම සුපිරි අකාරයේ සජීවිකරණ චිත්‍රපටයක් ලෙස Toy Story 2 හදුන්වා දෙන්න පුලුවන්. තවද IMDB රේටිංග්ස් 8.0/10.0 ලබාගෙන එක් ඔස්කාර් සම්මානයක් ඇතුලු සම්මාන 18 කට නිර්දේශ වී තවත් සම්මාන 18ක් ලබා ගැනිමට මෙම චිත්‍රපටය සමත්ව තිබෙනවා.මම හිතන්නේ ගොඩක් පොඩි කට්ටිය මේකට කැමති වෙයි. එහෙම නේද?.........

භාගත කිරිමට මෙතැන ඔබන්න

Fast and Furious 4(2009) | ඔබේ ආසන පටි තද කර ගන්න


අද ඉදිරිපත් කරන්නේ ගොඩක් දෙනෙක් දන්න කියන චිත්‍රපටයක්. හොලිවුඩයේ ජනප්‍රිය ක්‍රියාදාම නලුවෙකු වන Vin Diesel මෙම චිත්‍රපටයේ ප්‍රදාන චරිතයට පන පොවනවා. ඔහු මිට පෙරත් මෙහි පලමු හා දෙවන කොටස් වලට දායක වූවා ඔබට මතක ඇති.

චිත්‍රපටයේ කථාව ගලා යන්නේ මෙහෙමයි. Dominic Toretto හා ඔහුගේ බිරිද cara ජීවත් වන්නේ තමන්ට අයත් කල්ලිය සමග විවිධ අපරාධ සිදු කරමිනුයි. නමුත් හදිසියේම මැර කල්ලියක සාමාජිකයෙකු අතින් ඇය අභීරහස් ලෙස මිය යනවා. ඉන් පසු Dominic Toretto වෙහෙසෙන්නේ තම බිරිදගෙ මිනීමරුවන් කව්ද කියා සෙවීමටයි. ඒ සදහා ඔහුට තවත් කල්ලියකට ඇතුලත් වීමට සිදු වෙනවා. එයට ඔහුට තරග කිහිපයකට සහභාගී විමට සිදු වෙයි. කෙසේ වූවත් අවසානයේ ඔහුට තම බිරිදගේ සැබෑ මිනිමරුවා සොයා ගැනිමට හැකි වෙයිද යන්න දැන ගැනීමට ඔබට චිත්‍රපටය නරඔන්නම සිදු වෙනවා.


අති උද්වේගකාර Car Race කිහිපයකින් සමන්විත මෙම චිත්‍රපටය IMBD Raings 6.6/10 ලබාගෙන ඇති අතර සම්මාන 4 කට නිර්දෙශ වී ඉන් 1 දිනා ගැනීම්ට සමත්ව තිබෙනවා. මෙම චිත්‍රපටය මේ වසරේ අප්‍රියෙල් 3 වනදා චිත්‍රපටය පලමු වරට ප්‍රදර්ශනය අරඹා තිබෙනවා. සුපිරි ක්‍රියාදාම ච්ත්‍රපට වලට කැමැත්තක් දක්වන ඔබ සැම නැරඹිය යුතුම චිත්‍රපටයක් ලෙස Fast and Furious 4 දැක්විය හැක.

Wrong Turn-3 Left For Dead | 2009

අද සූදානම් වෙන්නේ අමුතුම ආකාරයේ චිත්‍රපටයක් ඔබ වෙත ලබා දෙන්නයි. මෙහි පලවන හා දෙවන කොටස් සමහර විට ඔබ නරබා ඇති. මේ වසරේ නිපදවූ මෙම චිත්‍රපටය Horror movie එකක් ලෙස වර්ගීකරනය කොට තිබෙනවා. දරුණු මිනී මස් කන මිලේඡ්‍යයන් සිටින කැලෑවක අතරමං වන පිරිසක් වටා මෙහි කථාව ගලා යනවා. ඔබ Wrong Turn චිත්‍රපටයේ පලමුවන හා දෙවන කොටස් නරඹා ඇති නම්, මෙම චිත්‍රපටයද ඊට බොහෝ සේ සමාන බව හැගේවි. කෙසේ වූවත් මෙම චිත්‍රපටය වඩා සුදුසු 18+ අයටයි. කැමති අය සිටිනවානම් අදම භාගත කර නරඹන්න.


ටොරන්ට් ගොනුව භාගත කිරිමට මෙතන ඔබන්න

Love Aaj Kal 2009 | අද කාලයේ ආදරය


මේ දවස් වල ගොඩක් කාර්ය්‍යය බහුල නිසා ටික දවසකට පස්සේ පොස්ට් එකක් දාන්න ලැබුනේ..... ගොඩක් දෙනා බොහොම ආසාවෙන් බලාපොරොත්තුව සිටි නවතම හින්දි චිත්‍රපටයක හොද පිටපතක් දැන් නිකුත් වී තිබෙනවා. මෙම චිත්‍රපටයේ ගීත ඇල්බමයද මීට ඉහත ටොරනට් lk වෙතින් ලබා දුන්නා. Love Aaj Kal හින්දි චිත්‍රපට වලට කැමති ඔබ වෙනුවෙන්ම.



කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා........

Dil Bole Hadippa (2009) | හදවත නගයි ජය ඝෝෂා


මේ දිනවල ඉතා සාර්ථකව ඉන්දියාවේ සහ ශ්‍රි ලංකාවේ තිරගත වන චිත්‍රපටයක් ලබා දෙන්නයි මේ සූදානම් වෙන්නේ. සුරූපී බොලිවුඩ් නිලි රාණි මුඛර්ජි කලකට පසු වෙනස්ම අකාරයේ රංගනයක් සමගින් මෙම චිත්‍රපටයේ ද්විත්ව චරිත සදහා පණ පොවනවා. එසේම සුරූපී කඩවසම් නලු ශාහිඩ් කපූර්ගේ රංගනය ගැනත් සදහන් කල යුතුමයි.

කථාව කියනවනම් මෙන්න මෙහෙමයි....... ක්‍රිකට් ක්‍රිඩාවට ඉතා ලැදි එමෙන්ම ඉතා දක්ශ පංජාබ් යුවතියක් ඉන්නවා වීරා කියලා. ඇයගේ එම ලැදියාව නිසාම පිරිමි වෙස් ගෙන ඇතුල් වෙනවා ඉන්දියානු ක්‍රිකට් කන්ඩායමට. එම කන්ඩායමේ පුහුනුකරු වන රොහන් වෙත වීරාගෙ සිත ඇදී යන්නේ මෙහිදියි. ඉන් පසු අපුරූ අපුරූ සිදුවිම් සිදු වීම් සිදුවෙනවා. මම හිතන්නේ චිත්‍රපටය බාගත කරලම ඉතිරිය දැක බලාගත්තොත් හොදයි නේද?



කියන්න අමතක වුනා, Dil Bole Hadippa චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භ කරලා තියෙන්නේ පහුගිය මාසේ 18 වෙනිදා. ඒ කියන්නේ තවම මාසයක් නැහැ. ඒ වගේම මේකට link දෙකක්ම තියෙනවා. කැමති එකකින් බාගත කර ගන්න.










මෙන්න මෙතනින් බාගත කර ගන්න

නැත්නම් මෙතනින් බාගත කර ගන්න

The Final Destination 4 (2009) | මරුවා සමග වාසය


මෙන්න අද දෙන්න යනවා බාගෙනම බලන්න වටින චිත්‍රපටයක්. මේ වසරේ අගොස්තු 28 වන දින ඇමෙරිකාවේ තිරගත වීම ඇරඹුන The Final Destination කථා මාලාවේ නවතම චිත්‍රපටය වන The Final Destination 4 ටොරනට් ගොනුව ඔබට දැන් භාගත කර ගත හැකියි. භය හිතෙන හා කුතුහලයෙන් පිරි චිත්‍රපට නැරඹිමට ප්‍රිය කරන හැමොම මේකට කැමති වෙවී.

චිත්‍රපටයේ කථාව ගලා යන්නේ මෙහෙමයි. දිනක් යහලුවන් පිරිසක් යනවා ක්‍රිඩාංගනයක පැවැත්වෙන මොටර් රථ තරගයක් නරඹන්න. එහිදී සිදුවන දරුණු අනතුරකින් ප්‍රේක්ෂකාගාරයේ සිටින පිරිසක් මියයනවා. නමුත් ඒ සිදුවීම ඒක් තරුණයෙකුට කලින් දැනෙනවා. ඔහුට පුලුවන් වේවිද මිය යාමට නියමිත පිරිස බේරා ගැනීමට යන්න ඔබට චිත්‍රපටය නරඹාම තීරණය කර ගත යුතු වෙනවා.

මම දන්න තරමින් මේ චිත්‍රපටයේ හොද පිටපතක් නිකුත් වෙනතුරු ගොඩක් දෙනා ඇගිලි ගැන ගැන හිටියා. මේ පිටපත නිකුත් වෙලා වැඩි දවසක් නැහෑ. ඒ වගේම BDvD Rip එකක්. ඒක නිසා බය නැතිව අරගෙන රස විදින්න. එසේම ... එකක් දාලා යන්න අමතක කරන්න එපා.

Love Aaj Kal 2008 | ගීත ඇල්බමය


හා හා පුරා කියලා මුල්ම සංගීත ඇල්බමය ලබා දෙන්නයි මේ සුදානම් වෙන්නේ. බොලිවුඩ් සංගිතයට ප්‍රිය කරන හැම දෙනාම මේකට කැමති වේවී. මේ වන විටත් ඉන්දියාවේ මෙන්ම ශ්‍රි ලංකාවේද අති සාර්ථකව තිරගත වන Love Aaj Kal චිත්‍රපටයේ ගීත ඇල්බමය අද ටොරන්ට් lk ඔබ වෙත ලබා දෙනවා. ප්‍රිතම් නම් සංගීතවේදියා විසින් සංගීතවත් කල සුමියුරු
ගීත 10ක් මෙහි අඩංගුයි. සම්පූර්න චිත්‍රපටයේ ටොරන්ට් ගොනුව නිකුත් වූ විගස එය ලබා දීමට අප සුදානම්.

ටොරන්ට් lk දැන් සින්ඩියේ.

ටොරන්ට් lk 2009/26/9 වන සෙනසුරාදා සිට සින්ඩිකේටරයට ඇතුලත් කොට ඇති බව ඉතා සතුටින් දෑනුම් දෙන්නෙමු. එම කටයුතු සිදුකර දුන් ඇඩ්මින්වරු ඇතුලු සියලුම දෙනා හට මාගේ හදපිරි ස්තූතිය. නවතම ටොරන්ට් ලබාගැනීම සදහා ඔබත් අදම පිවිසෙන්න ටොරන්ට් lk වෙත.

Vaaranam Aayiram (2008) | ආදරය, විරහවේදනා, අතරමැද ජීවිතය (ඉංග්‍රීසි උපසි‍රැසි සමග)

මෙන්න දමිළ චිත්‍රපට වලට කැමති අයට නරඹන්න අපූරු චිත්‍රපටියක්. 2008 වසරේ නිර්මානය වූ මේ චිත්‍රපටය ඉන්දියාව තුල මෙන්ම ලංකාවේ ප්‍රේක්ශකයන් අතර ඉමහත් ජනප්‍රිය වූවා. මෙතෙක් නිර්මාණය වූ කථාතේමාවලින් බැහැරව නැවුම් තේමා කිහිපයක් ඇසුරින් නිපදවීම එයට හේතු වෙන්න ඇති. දමිළ සිනමාවේ ජනප්‍රියම නළුවෙක් වන සූර්ය්‍යා මෙහි ද්විත්ව චරිත රගපාමින් අති විශිශ්ට රංගනයක යෙදෙන අතරම සුරූපී නිලි සිම්රන් කලකට පසු මෙම චිත්‍රපටයෙන් නැවත ප්‍රේක්ශකයන් අතරට පැමිණෙයි. තවද සුරූපි බොලිවුඩ් නිලි සමිරා රෙඩ්ඩිගේ පලමු දමිළ චිත්‍රපටයද මෙම චිත්‍රපටයයි.

ච්ත්‍රපටයේ කථාව ගලා යන්නේ මෙහෙමයි. ක්‍රිශ්නන් (සූර්ය්‍යා) හා මාලනී (සිම්රන්) යුවලගේ පුතු වන සූර්ය්‍යා තමන්ගේ පාසල් අධ්‍යයාපනය නිමා කොට නැවත එන අතරතුර දුම්රියේදී ඔහුට තරුණියක් මුන ගැහෙනවා. ඇය මේඝ්නා (සමිරා රෙඩ්ඩි) . මුලින්ම ඇය ඔහුගේ ආදරය ප්‍රතික්ෂෙප කලත් දිගු උත්සහයකට පසු ඇයගේ ආදරය ලබා ගැනිමට සූර්ය්‍යා සමත් වෙනවා. නමුත්..... අනපෙක්ෂිත සිදුවිමක් නිසා ඔහුගේ ආදරය, මේඝ්නා මිය යනවා. ඉන් පසුව සූර්ය්‍යාට සිදුවන්නේ කුමක්ද? ඔහුට ජීවිතය නැවත ගොඩ නගා ගැනීමට උදව් කරන්නේ කව්ද? ක්‍රිශ්නන් හා මාලනී ට සිදු වන්නේ කුමක්ද?.... මේ ප්‍රශ්න සියල්ලටම පිලිතුරු වාරනම් ආයිරම් චිත්‍රපටය නරඹා දැන ගන්න.

වාරනම් ආයිරම් චිත්‍රපටය තිර රචනා කොට අධ්‍යයක්ෂණය කොට ඇත්තේ ගෞතම් මෙනන් නම් අධ්‍යයක්ෂවරයා විසිනුයි. හැරිස් ජයරාජ් නම් සංගිතවේදියාගේ සංගීතයෙන් හැඩවූ, ඉන්දියාවේ හා ඇමෙරිකාවේ සුන්දර පසුතලයන් පසුබිම් කරමින් රුපගතකෙරුනු සුමියුරු ගීත කිහිපයක් මෙහි අඩංගුයි. එමෙන්ම 7.8/10 ක IMDB රේටින්ග්ස් ලබා ඇති සුන්දර කථා තේමාවකින් යුත් ච්ත්‍රපටයකි.
විහිලු කාරයින්ගෙන් තොර මුල සිට අගට නැරඹිය හැකි දමිළ චිත්‍රපට වලට ප්‍රිය කරන ඔබ නැරඹිය යුතුම චිත්‍රපටයක් ලෙස වාරනම් ආයිරම් නම් කල හැක.


ඉංග්‍රීසි උපසි‍රැසි සමග ටොරන්ට් ගොනුව භාගත කිරිමට මෙතන ඔබන්න

The Polar Express (2004) | මැජික් දුම්රියෙන් අපූරු ගමනක්

හා හා පුරා කියලා චිත්‍රපටියක් දෙන්න තමයි මේ සුදානම් වෙන්නේ. කුඩා ලමුන්ට නිමවූ චිත්‍රපටියක් වුනත් මේක හැමෝටම බලලා රස විදින්න පුලුවන් එකක්. නත්තලට කලින් දින රාත්‍රියේ නත්තල් සීයා මුනගැසීමට යන කුඩා ලමුන් පිරිසක් වටා ගෙතුනු සුන්දර කතාවක් ගැන මේ චිත්‍රපටයෙන් කියවෙනවා. ඔවුන්ට මේ ගමන යාමට සිදු වන්නේ උත්තර ධ්‍රැවය බලා ගමන් කරන මැජික් දුම්රියකිනුයි. ඒ ගමන අතරතුර මේ ලමයින්ට පුදුමාකාර අත්දැකීම් වලට මුහුන පාන්න සිදු වෙනවා. කිසිම කම්මැලිකමකින් තොරව එක දිගටම බලන්න පුලුවන් චිත්‍රපටයක් ලෙස මෙය හදුන්වන්න පුලුවන්.

The Polar Express චිත්‍රපටය ඔස්කාර් සම්මාන 3 කට හා තවත් සම්මාන 14 කට නිර්දේශිත වී ඉන් 4 දිනාගැනීමට සමත්ව තිබෙනවා. එමෙන්ම IMDB රේටින්ග්ස් 6.7/10 ක් ලබා ගෙන තිබෙන ඉතාමත් හොද සජීවිකරන ප්‍රයෝග අන්තර්ගත චිත්‍රපටියක්. එවැනි චිත්‍රපට වලට ආස කරන හැමෝම අරගෙන නරඹන්න.

ටොරන්ට් ගොනුව භාගත කිරිමට මෙතන ඔබන්න