My Name Is Khan (2010) | ඉස්ලාම් සැවොම ත්‍රස්තවාදීන් නොවේ

බොලිවුඩ් සිනමාවේදී ෂාරුක් ඛාන්, කාජල් සුසංයෝගය හරියට කිරි පැණි වගෙයි. මේ බව හොදින්ම හදුනාගත් සිනමා වේදියා කරන් ජොහාර්ගේ නවතම සිනමා පටය මේ වසරේ පෙබරවාරි 11 වනදා තිරගත වීම ඇරඹුනා. ලොව පුරා අති මහත් ප්‍රේක්ශක ප්‍රතිචාර ලැබූ මේ චිත්‍රපටය My Name Is Khan.

ඇමරිකාවේ ජීවත් වන ඉන්දියානු පවුලක් කේන්ද්‍ර කොට ගනිමින් අනුවේදනීය කථා පුවතක් මෙම චිත්‍රපටයේ දැක්වෙනවා. සැප්තැම්බර් 11 වන දින ඇමරිකාවේ සිදුවූ බිහිසුනු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු එරට වෙසෙන ඉස්ලාම් භක්තිකයන්ට සිදුවන කරදර හිරිහැර හා අඩන්තේට්ටම් මෙම චිත්‍රපටයේ මනාව නිරූපනයක කොට තිබෙනවා.

මේ චිත්‍රපටය කරුනු කිහිපයක් අතින් විශේෂ වෙනවා. ෂාරුක් ඛාන් හා කාජල් khabi kushi kabi gham චිත්‍රපටයෙන් වසර දහයකට පසු නැවත එකම චිත්‍රපටයක රගපානු ලබන්නේ My Name Is Khan චිත්‍රපටයේදීයි. එමෙන්ම එම චිත්‍රපට දෙකම අධ්‍යක්ෂනය කොට ඇත්තේද කරන් ජොහාර් විසිනුයි. තවද ෂාරුක් ඛාන්ගේ ඔබ මෙතෙක් නොදු‍ටු ආකාරයේ රගපැමක් මෙම චිත්‍රපටයේදී ඔබට දැක ගත හැකියි. IMDB දර්ශකයේ 7.1/10 ක රේටින්ග්ස් ලබා 5,025ක් ප්‍රෙක්ෂක මනාප ලබා ගැනිමටද මීට හැකිවී තිබෙනවා.

එහෙනම් කියෙවුවා ඇති. පහල තියෙන link එකෙන් චිත්‍රපටය බාගෙන නිවී සැනසිල්ලේ රස විදලා කොමෙන්‍ටුවකුත් දාන්න අමතක නොකර. නැවත හමුවෙමු.



The Bank Job (2008) | මෙන්න නියම හොරු

සෑහෙන කලකට පස්සේ බ්ලොග් එක පැත්තේ එන්න ලැබුනේ. ඒකට හේතු වුනේ පසුගිය දවස් වල අතිශයින් වැඩ අධික වීම. ඒ පිලිබදව ටොරන්ට්lk පාඨකයින් සමා වෙන්න ඕනේ.

හොදයි කලින් පොස්ට් එකකින් සදහන් කලා වගේ අද ඔබ වෙත ලබා දෙන්නේ The Bank Job චිත්‍රපටයයි. 1971 දී සැබෑවටම සිදුවූ බැංකු මංකොල්ලයක් පාදක කොට ගනිමින් මෙම චිත්‍රපටය නිපදවා තිබෙනවා. Jason Statham, Saffron Burrows වැනි නලු නිලියන් මෙම චිත්‍රපටයට රංගනයෙන් දායක වී තිබෙනවා. IMDB වල 7.5/10 ක ජනප්‍රියතාවයක් ලබා ගැනීමට මෙම චිත්‍රපටයට හැකි වී තිබෙනවා. එමෙන්ම ක්‍රියාදාම හා නාට්‍යමය චිත්‍රපටයක් ලෙස මෙම චිත්‍රපටය වර්ගීකරනය කල හැකියි.

The Forbidden Kingdom (2008) | අධිරාජ්‍යවාදී කුමන්ත්‍රනයක්ද?

අද ඔබ වෙත ලබා දෙන්නේ ඉතාමත් ජනප්‍රිය වූ චිත්‍රපටයක්. ජැකී චෑන්. ජෙට් ලී ඇතුලු සුපිරි නලු නිලියන් ‍රැසක් මෙම චිත්‍රපටය සදහා දායක වී තිබෙන අතරම අති දැවැන්ත පසුතල වල මෙම චිත්‍රපටය රූපගත කොට තිබෙනවා. තවත් වැදගත් කරුනක් තමයි මෙම ටොරන්ට් එක aXXo ටොරන්ට් එකක්. අයේ කතා දෙකක් නැහැ. නියම කොලිටි. බාගෙනම බලන්න.


Wanted (2009) | නීතිය අතට ගන්න පුලුවන්ද?


ඔන්න කියපු විදියටම අද අරගෙන ආවා පසුගිය වසරේ ඉන්දියාවේ තිරගත වූ චිත්‍රපට අතරින් අදායම් ඉපයීම අතින් දෙවනි තැනට පත් වුනු හින්දි චිත්‍රපටියක්. මෙහි ප්‍රධාන චරිතයට පන පොවන්නේ කඩවසම් නලු සල්මාන් ඛාන් සමග අයේශා ටාකියා. මීට කලකට පෙර දකුනු ඉන්දියාවේ නිපදවූ "Pokkiri" චිත්‍රපටයේ හින්දි Version එක ලෙස මෙම චිත්‍රපටය හැදින්විය හැකියි. එදා එම චිත්‍රපටයේ "විජෙයි" රගපෑ චරිතයට මෙවර සල්මාන් ඛාන් පන පොවනවා. තවත් වැදගත් කරුනක් තිබෙනවා. ඒ තමයි මේ චිත්‍රපට දෙකම අධ්‍යයක්ශනය කොට ඇත්තේ එකම අධ්‍යයක්ශවරයෙකු විසිනුයි. ඒ කලක් දකුනු ඉන්දිය සිනමාව තුල ජනප්‍රිය නලුවෙකු හා අති දක්ෂ නැ‍ටුම් ශිල්පියෙකු වන "ප්‍රභු දේවා".

අති උද්වේගකාර සටන් ජවනිකා සහ සුන්දර ආදර කථා ඇතුලත් චිත්‍රපට නැරඹිමට ප්‍රිය කරන හැමොම මේ චිත්‍රපටිය නරඔයි කියලා මම හිතනවා

එහෙමනම් නැවත හමුවෙමු!

ටොරන්ට් මැරතන් | ජනවාරි මාසය පුරා...

අලුත් අවුරුද්දේ අලුත් වැඩක් කරන්න කල්පනා කර කර ඉන්න කොට හිතට ආපු අදහසක් මේක. ඒ තමයි ටොරන්ට් ටිකක් එක දිගට වැඩිපුර ලබා දෙන්න ඕනේ කියන එක. පසුගිය දවස් වල බ්ලොග් එක ලියන්න බැරි වුනාට බාගත කරපු ටොරන්ට් ගොඩක් එකතු වෙලා තියෙනවා. ඒවා එකින් එක ලබා දෙන්නයි මේ සූදානම් වෙන්නේ. ඊට කලින් පෙරදසුන් බලන්නකෝ කොහොමද කියලා.

* Wanted




* The Forbidden Kingdom (aXXo)




* The Bank Job (aXXo)




* Sillunu Oru Kadhal




* Bolt (aXXo)




* Aadhavan




* Kanthaswamy



කොහොමද හොදයි නේද? මෙතන තියෙන ගොඩක් ටොරන්ට් aXXo ටොරන්ට්. aXXo Upload කරපු ටොරන්ට් ගැන කථා දෙකක් නැහැ. හොදම කොලිටි. එක නිසා භය නැතිව අරන් බලන්න පුලුවන්. එහෙමනම් අද හෙටම මැරතන් එක පටන් ගන්නවා. එතෙක් බලාපොරොත්තුවෙන් ඉන්න........

මතක ඇතිව ඔබට හිතෙන දේ කොමෙන්ට් එකක් ලෙස සදහන් කරන්න.....

ආයුබොවන් 2010 | ටොරන්ට් එකක් නොවේ


2009 වසරේ ටොරන්ට් lk සමග සිටි ඔබ සැමට සුහම සුහ නව වසරක් වේවා.

පසුගිය අවුරුද්ද ගැන කථා කරනවනම් ඇත්තටම මට ඒ ගැන ගොඩක් සතු‍ටුයි. සැප්තැම්බර් 20 වෙනිදා පටන් ගත්තු බ්ලොග් එකට මේ වෙනකොට hits 3200 වඩා ලැබිලා තිබෙනවා. ඒ වගේම අලුත් මිතුරන් ‍රැසක්ද හදුනා ගන්න ලැබුනා. ඒ ගැන හිතට දැනෙන්නේ අමුතුම සතුටක්



පසුගිය දිනවල අතිශය කාර්ය බහුල වූ නිසා බ්ලොග් එක දිහා බලන්නවත් වෙලාවක් ලැබුනේ නැහැ. ඉදිරි වසරේදී වත් බ්ලොග් එක ගැන මීට වඩා උනන්දු වෙන්න ඕනේ. අලුත් ටොරනට් ටිකක් ලැබිලා තියෙනවා. ඉදිරියේදී ඒවා බ්ලොග් එකට දාන්නම්කෝ.

එහෙනම් වැඩි වැඩියෙන් ටොරනට් ලැබෙන, වැඩි වැඩියෙන් කොමෙන්ට් ලැබෙන, වැඩි වැඩියෙන් පොස්ට් දාන්න ලැබෙන, කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුහම සුහ නව වසරක් වේවා.

White Chicks (2004) | හායි මෙයාලා.. හොදට හිනා වෙන්න!

එලඹෙන සති අන්තය සිනහවෙන්, සැහැල්ලුවෙන් ගත කරන්න කැමති ඔබට අපුරූ විකට චිත්‍රපටයක් ලබා දෙන්නයි හදන්නේ. මම ඒ ගැන මීට කලින් ඔයාලට කිව්වා මතක ඇති. නමුත් ඊට පෙර 2012 චිත්‍රපටය ලබා දුන්න නිසා මේ චිත්‍රපටය ලබා දෙන එක ටිකක් කල් ගියා. Shawn Wayans හා Marlon Wayans සොහොයුරන්ගේ අපූරු රංගනයෙන් මෙම චිත්‍රපටය හැඩ වී තිබෙනවා.

කථාව කෙටියෙන් මෙහෙමයි. Kevin Copeland හා Marcus Copeland කියන්නේ අත ගහන හැම මෙහෙයුමක්ම අල කරගන්න රහස් පරික්ෂකවරු දෙදෙනෙක්. මේ නිසාම ඔවුන්ගේ ප්‍රදානියා ඔවුන්ට පවරනවා ටිකක් චාටර් මෙහෙයුමක්. ඒ Brittany Wilson හා Tiffany Wilson යන මොස්තර නිරූපිකාවන් දෙදෙනාට ආරක්ෂාව සපයන්න. ඒ ඔවුන් යම්කිසි කන්ඩායමක් විසින් පැහැරගෙන යාමට ඉඩ ඇති බව හෙලි වීම නිසා. ඔය අතරතුර මේ දෙදෙනා හදිසි අනතුරකට පත් වෙනවා අපේ රහස් පරික්ෂකවරු දෙදෙනා අතින්. ඉන් මේ දෙදෙනාට සුලු තුවාල සිදු වෙනවා. ඒත් ඉතින් දන්නේ නැද්ද ගැහැනු ලමයි. පොඩි දේත් ලොකුවට ගන්නවනේ. කොහොම හරි ඊට පස්සේ අර රහස් පරික්ෂකවරු දෙදෙනාට සිදු වෙනවා ගැහැනු වෙස් අරගෙන අර මොස්තර නිරූපිකාවන් ලෙස පෙනී සිටින්න. ඔන්න ඔය අතරේදී තමයි මේ දෙන්නට පරන මිතුරියෝ තිදෙනෙක් මුන ගැහෙන්නේ. ඊට පස්සේ ඉතින් ජොලි වැඩ ගොඩයි. බාගෙනම බලන්නකො

මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කොට ඇත්තේ Keenen Ivory Wayans විසිනුයි. ඒ වගේම සදහන් කල යුතු විශේෂ දෙයක් තිබෙනවා ඒ තමයි Shawn Wayans හා Marlon Wayans සොහොයුරන් රංගනයෙන් වගේම කථාව හා තිර රචනයෙන්ද මෙම චිත්‍රපටයට දායක වී තිබෙන බව. තවද මෙම චිත්‍රපටය සම්මාන 8කට නිර්දේශ වී ඉන් සම්මාන 2ක් දිනා ගැනීමට සමත් ව තිබෙනවා. ඉතින් මේ සති අන්තයේදී හොදට හිනා වෙලා සැහැල්ලු වෙන්න White Chicks බාගත කර ගෙන රස විදින්න





2012 | ඔබ එයට සූදානම්ද ?

ඔබට මතක ඇති පසුගිය පෝස්ට් එකෙදි මම සදහන් කලා මීලගට ලබාදෙන්නේ හොද විකට චිත්‍රපටයක් කියල. නමුත් ඒ අදහස වෙනස් කරන්න සිදුවුනා. ඒ මොකද මේ වෙනකොට ලොව වැඩිම ජනප්‍රියත්වයක් හා වැඩිම ආදායම් වාර්තා පිහි‍ටුවා අති සාර්ථක ලෙස තිරගත වන 2012 චිත්‍රපටයේ DVD rip එකක් මට ලැබුන නිසා. අලුත්ම චිත්‍රපටයක් ආවම ඒක ලබාදෙන්න තිබෙන උවමනාව හා කැමැත්ත නිසාම අද එම චිත්‍රපටය ටොරන්ට්lk වෙතින් ඔබ වෙත ලබා දෙනවා.

සුප්‍රකට The Day After tomorrow චිත්‍රපටය අධ්‍යක්ෂනය කෙරූ Roland Emmerich හා Harald Kloser මෙම චිත්‍රපටයද අධ්‍යක්ෂනය කොට තිබෙනවා. John Cusack, Amanda Peet, Chiwetel Ejiofor, Thandie Newton වැනි සුපිරි නලු නිලියන් ‍රැසක් මෙහි රංගනයෙන් දායක වී තිබෙනවා. චිත්‍රපටය ගැන වැඩි විස්තර පසුව කියන්නම්. එතෙක් චිත්‍රපටය බාගත කර රස විදින්න.

Not Without My Daughter (1991) | දෙවියන්ගේ අඩවිය

අදනම් දෙන්න යන්නේ පරණ ඒත් ලස්සන කථාවක් තියෙන චිත්‍රපටයක්. මේක අපේ හිතවත් දුකා ගේ ඉල්ලීමකට අනුව ටිකක් අමාරුවෙන් හොයා ගත්තු චිත්‍රපටයක්. බාගත කරලා බැලුවට පස්සේ තමයි හිතුනේ කොච්චර හොද චිත්‍රපටයක්ද කියලා. මුලින්ම කියන්න ඕනේ මේ චිත්‍රපටය සත්‍ය සිදුවීමක් මූලික කොටගෙන නිර්මාණය වූ චිත්‍රපටයක්. Betty Mahmoody නම් ඇමරිකානු ජාතික කාන්තාවට මුහුන දීමට සිදු වූ සිදුවීම් ඇසුරින් ඈ විසින් ලියන ලද Not Without My Daughter නම් කෘතිය ඇසුරින් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂනය කොට ඇත්තේ Brian Gilbert විසිනුයි. පසු කලෙකදී අනුලා ද සිල්වා මහත්මිය විසින් මෙම කෘතිය "දෙවියන්ගේ අඩවිය" නමින් සිංහලට පරිවර්තනය කරනු ලැබුවා.

ඇමරිකානු ජාතික කාන්තාවක් විවාහ වී සිටින්නේ ඉරාන ජාතික වෙද්‍යවරයෙකු සමගයි. ඔවුන්ට කුඩා දියණියක්ද සිටිනවා. දිනක් එම ස්වාමිපුරුශයා තම බිරිදගෙන් ඉල්ලීමක් කරනවා සති දෙකක කාලයකට තමුන්ගේ උපන් දේශය වූ ඉරානයට යාමට පැමිනෙන ලෙසට. ඔහු බිරිදගේ දෙමව්පියන් ඉදිරියේ කුරානයේ අත ගසා පොරොන්දු වෙනවා නැවතත් බිරිද හා දියණිය සමගින් ඇමරිකාවට පැමිනෙන බවට. ඉතින් මේ පිරිස ඉරානයට ගිය පසුවයි සියල්ල කනපිටට හැරෙන්නේ. සැමියා කියනවා තමුන්ට ආපසු යාමට නොහැකි බව. ඒ වගේම බිරිද හා දියණිය සිරකර තබාගන්නවා. අවසානයේ ඇය තීරණය කරනවා කෙසේ හෝ ඉරානයෙන් පලා යාමට. ඉන් පසු කුමක් සිදු වෙයිද???

තවත් සදහන් කල යුතු කරුනක් තිබෙනවා. ඒ තමයි ඉරානය වගේ මුස්ලිම් රටක ගැහැනුන්ට සලකන පහත් ආකාරය හා ඔවුන්ට සිදු වන අසාධාරණයන් ගැන මේ චිත්‍රපටයේ ඉතා හොදින් අවධානය යොමු කොට තිබෙනවා. කොටින්ම කියනවානම් ඒ රටේ පිරිමින් සමග එකට වාඩි වී ආහාර ගැනීමට තරම්වත් නිදහසක් ඔවුන්ට නෑ. මම මුලිනුත් කිව්වනේ මේක සත්‍ය සිදුවීමක් පාදක කොටගෙන නිර්මාණය වූ චිත්‍රපටයක් කියලා. ඒ කියන්නේ Betty Mahmoody වැනි කාන්තාවන් තවමත් විවිධ වූ දුක් කම්කටොලු මැද ජීවත් වෙනවා ඇති.

ඉතින් එහෙමනම් චිත්‍රපටය බාගත කරගෙන රස විදින්න. ඒ වගේම හොද නරක සදහන් කරලා කොමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා. ඔබේ ඒ අදහස් මට ලොකු ශක්තියක් වේවී.


ඊ ලගට දෙන්න යන්නේ නියම කොමඩියක්, බලාපොරොත්තුවෙන් ඉන්න

SAW VI (2009) | 1, 2, 3, 4, 5, ......

කිය කිය ඉන්න දෙයක් නැහැ අරගෙනම බලන්න

The Final Destination 4 (2009) | මරුවා සමග වාසය

මෙන්න අද දෙන්න යනවා බාගෙනම බලන්න වටින චිත්‍රපටයක්. මේ වසරේ අගොස්තු 28 වන දින ඇමෙරිකාවේ තිරගත වීම ඇරඹුන The Final Destination කථා මාලාවේ නවතම චිත්‍රපටය වන The Final Destination 4 ටොරනට් ගොනුව ඔබට දැන් භාගත කර ගත හැකියි. භය හිතෙන හා කුතුහලයෙන් පිරි චිත්‍රපට නැරඹිමට ප්‍රිය කරන හැමෝම මේකට කැමති වෙවී.

චිත්‍රපටයේ කථාව ගලා යන්නේ මෙහෙමයි. දිනක් යහලුවන් පිරිසක් යනවා ක්‍රිඩාංගනයක පැවැත්වෙන මොටර් රථ තරගයක් නරඹන්න. එහිදී සිදුවන දරුණු අනතුරකින් ප්‍රේක්ෂකාගාරයේ සිටින පිරිසක් මියයනවා. නමුත් ඒ සිදුවීම ඒක් තරුණයෙකුට කලින් දැනෙනවා. ඔහුට පුලුවන් වේවිද මිය යාමට නියමිත පිරිස බේරා ගැනීමට යන්න ඔබට චිත්‍රපටය නරඹාම තීරණය කර ගත යුතු වෙනවා.

මම දන්න තරමින් මේ චිත්‍රපටයේ හොද පිටපතක් නිකුත් වෙනතුරු ගොඩක් දෙනා ඇගිලි ගැන ගැන හිටියා. මේ පිටපත නිකුත් වෙලා වැඩි දවසක් නැහෑ. ඒ වගේම BDvD Rip එකක්. ඒක නිසා බය නැතිව අරගෙන රස විදින්න. එසේම comment එකක් දාලා යන්න අමතක කරන්න එපා.

Star Trek (2009) | තාරකා යුද්ධයට පසු ?

ඔන්න කාලෙකට පස්සේ අති දැවැන්ත චිත්‍රපටයක් ලබා දෙන්නයි හදන්නේ. 2009 මැයි 8 දින ප්‍රදර්ශනය ඇරඹි මෙම චිත්‍රපටය imdb රේටින්ග්ස් 8.3/10ක් දිනා ගැනීමට මේ වනවිට සමත්ව තිබෙනවා. ඉතා ජනප්‍රිය වූ රූපවාහිනී කථා මාලාවක් ඇසුරින් මෙම් චිත්‍රපටය අධ්‍යක්ෂනය කොට ඇත්තේ J.J. Abrams විසිනුයි. එමෙන්ම උසස් පරිගනක සජීවීකරන ප්‍රයෝග මේ චිත්‍රපටය පුරාම අන්තර්ගතයි.

මෙන්න මෙහෙමයි කථාව ඇරඹෙන්නේ. පිටසක්වල හමුදාවක් පෘථූවිය ආක්‍රමනය කිරිමට පැමිනෙයි එහිදී ඔවුන් සහ මිනිසුන් අතර ඉතා දරුනු ගැ‍ටුමක් සිදුවෙයි. එහිදි මිනිස් හමුදා පිරිසේ නායකයා මිය යයි. කෙසේ වූවත් පිටසක්වලයින්ගේ ආක්‍රමනය නවතී. නමුත් වසර 20කට පසු නැවත ආක්‍රමනය ඇරඹෙයි. එහිදී පෘථූවිය බේරා ගැනීමට යන පිරිසේ අණදෙන නිලධාරියා වන්නේ ඊට 20 වසරකට පෙර මියගිය අණදෙන නිලධාරියාගේ පුත්‍රයා වන James Kirk නැමැත්තායි. අවසානයේ මොහුට ආක්‍රමනය නැවැත්වීමට හැකි වේවිද......

Action,Adventure,Sci-Fi චිත්‍රපට නැරඹිමට කැමති ඔබ නැරඹිය යුතුම චිත්‍රපටයක් ලෙස Star Trek හැදින්විය හැක.



රූසිරි | Centigradz [2009]


කාලයක් තිස්සේ ලංකාවේ බොහෝ දෙනා බලපොරොත්තුව සිටි ගීත ඇල්බමයක් පසුගියදා නිකුත් වුනා. ඒ තමයි සෙන්ටිග්‍රේඩ්ස් සංගීත කන්ඩායමේ නවතම ගීත ඇල්බමය වන රූසිරි. එය ප්‍රථම වතාවට ටොරන්ට් lk වෙතින් ඔබ වෙත ලබා දෙනවා. ඉතින් රස විදින්න. ඒ වගේම අමතක නොකර Comment එකකුත් දාලම යන්න.

(ටොරන්ට් එක තාම අලුත් නිසා Speed ටිකක් මදි. හැම දෙනාම බාගත කරනකොට ඉක්මනට Download වෙයි)


Torrent දෙකක්ම තියෙනවා. කැමති එකකින් බාගත කර ගන්න.

බාගත කිරීමට මෙතන ඔබන්න

බාගත කිරීමට මෙතන ඔබන්න

17 Again (2009) | ආයෙත් යන්න ඇත්නම්


ඔන්න කාලෙකට පස්සේ නියම චිත්‍රපටයක් දෙන්නයි හදන්නේ. ඔබට වරමක් ලැබුනොත් ආපසු අතීතයට යන්න ඔබ යන්න කැමති මොන කාලයටද? ටිකක් කල්පනා කරලා බලන්න. තරුන දරුවන් සිටින මැදි වියේ පුද්ගලයෙකු එක්තරා දවසක අවදි වන විට වයස 17ක් කොලු ගැටයෙක් වෙලා හිටියොත් මොනවා වේවිද. 17 again චිත්‍රපටයේ කථා සාරාංශය ඔන්න ඕකයි. අරගෙනම බලන්න හොදට හිනා වෙන්න පුලුවන් අපූරු චිත්‍රපටයක්.



Toy Story 2 (1999) | ඔන්න... සෙල්ලම් පෙන්නනවා



සෙල්ලම් බඩු ගොඩකට එකපාරටම පන ආවොත් මොන වගේ වේවිද කියලා ඔබට හිතා ගන්න පුලුවන්ද. හරි අපූරුවට තියේවි නේද. කවදත් හොද සජීවීකරණ චිත්‍රපට නිපදවන Disny හා Pixar සමාගම් අපූරුවට ඒ කාර්ය්‍ය ඉ‍ටු කොට තිබෙනවා Toy Story 2 චිත්‍රපටය තුලින්.

ඇන්ඩි නම් කුඩා ලමයාට විශාල සෙල්ලම් බඩු එකතුවක් තිබෙනවා. ජනප්‍රිය කා‍ටුන් චරිතයක් වන woody ඒ අතරින් විශේශයි. දිනක් Mr. Potato Head නම් සෙල්ලම් බඩු එකතු කරන්නා විසින් woodyව පැහැරගෙන යනවා. පසුව Buzz Lightyear, Slinky Dog ඇතුලු ඔහුගේ යහලු සෙල්ලම් බඩු ඔහුව සොයා යනවා. මෙහිදි අපුරු අත්දැකීම් වලට woody Buzz Lightyear ඇතුලු පිරිසට මුහුන දීමට සිදු වෙනවා. අවසානයේ කුමක් වෙයිද?

Tom Hanks, Tim Allen ඇතුලු ජනප්‍රිය නලු නිලියන් ‍රැසක් මෙම් චිත්‍රපටයේ චරිත සදහා හඩ කවා තිබෙන අතරම ඉතාම සුපිරි අකාරයේ සජීවිකරණ චිත්‍රපටයක් ලෙස Toy Story 2 හදුන්වා දෙන්න පුලුවන්. තවද IMDB රේටිංග්ස් 8.0/10.0 ලබාගෙන එක් ඔස්කාර් සම්මානයක් ඇතුලු සම්මාන 18 කට නිර්දේශ වී තවත් සම්මාන 18ක් ලබා ගැනිමට මෙම චිත්‍රපටය සමත්ව තිබෙනවා.මම හිතන්නේ ගොඩක් පොඩි කට්ටිය මේකට කැමති වෙයි. එහෙම නේද?.........

භාගත කිරිමට මෙතැන ඔබන්න

Fast and Furious 4(2009) | ඔබේ ආසන පටි තද කර ගන්න


අද ඉදිරිපත් කරන්නේ ගොඩක් දෙනෙක් දන්න කියන චිත්‍රපටයක්. හොලිවුඩයේ ජනප්‍රිය ක්‍රියාදාම නලුවෙකු වන Vin Diesel මෙම චිත්‍රපටයේ ප්‍රදාන චරිතයට පන පොවනවා. ඔහු මිට පෙරත් මෙහි පලමු හා දෙවන කොටස් වලට දායක වූවා ඔබට මතක ඇති.

චිත්‍රපටයේ කථාව ගලා යන්නේ මෙහෙමයි. Dominic Toretto හා ඔහුගේ බිරිද cara ජීවත් වන්නේ තමන්ට අයත් කල්ලිය සමග විවිධ අපරාධ සිදු කරමිනුයි. නමුත් හදිසියේම මැර කල්ලියක සාමාජිකයෙකු අතින් ඇය අභීරහස් ලෙස මිය යනවා. ඉන් පසු Dominic Toretto වෙහෙසෙන්නේ තම බිරිදගෙ මිනීමරුවන් කව්ද කියා සෙවීමටයි. ඒ සදහා ඔහුට තවත් කල්ලියකට ඇතුලත් වීමට සිදු වෙනවා. එයට ඔහුට තරග කිහිපයකට සහභාගී විමට සිදු වෙයි. කෙසේ වූවත් අවසානයේ ඔහුට තම බිරිදගේ සැබෑ මිනිමරුවා සොයා ගැනිමට හැකි වෙයිද යන්න දැන ගැනීමට ඔබට චිත්‍රපටය නරඔන්නම සිදු වෙනවා.


අති උද්වේගකාර Car Race කිහිපයකින් සමන්විත මෙම චිත්‍රපටය IMBD Raings 6.6/10 ලබාගෙන ඇති අතර සම්මාන 4 කට නිර්දෙශ වී ඉන් 1 දිනා ගැනීම්ට සමත්ව තිබෙනවා. මෙම චිත්‍රපටය මේ වසරේ අප්‍රියෙල් 3 වනදා චිත්‍රපටය පලමු වරට ප්‍රදර්ශනය අරඹා තිබෙනවා. සුපිරි ක්‍රියාදාම ච්ත්‍රපට වලට කැමැත්තක් දක්වන ඔබ සැම නැරඹිය යුතුම චිත්‍රපටයක් ලෙස Fast and Furious 4 දැක්විය හැක.

Wrong Turn-3 Left For Dead | 2009

අද සූදානම් වෙන්නේ අමුතුම ආකාරයේ චිත්‍රපටයක් ඔබ වෙත ලබා දෙන්නයි. මෙහි පලවන හා දෙවන කොටස් සමහර විට ඔබ නරබා ඇති. මේ වසරේ නිපදවූ මෙම චිත්‍රපටය Horror movie එකක් ලෙස වර්ගීකරනය කොට තිබෙනවා. දරුණු මිනී මස් කන මිලේඡ්‍යයන් සිටින කැලෑවක අතරමං වන පිරිසක් වටා මෙහි කථාව ගලා යනවා. ඔබ Wrong Turn චිත්‍රපටයේ පලමුවන හා දෙවන කොටස් නරඹා ඇති නම්, මෙම චිත්‍රපටයද ඊට බොහෝ සේ සමාන බව හැගේවි. කෙසේ වූවත් මෙම චිත්‍රපටය වඩා සුදුසු 18+ අයටයි. කැමති අය සිටිනවානම් අදම භාගත කර නරඹන්න.


ටොරන්ට් ගොනුව භාගත කිරිමට මෙතන ඔබන්න

Love Aaj Kal 2009 | අද කාලයේ ආදරය


මේ දවස් වල ගොඩක් කාර්ය්‍යය බහුල නිසා ටික දවසකට පස්සේ පොස්ට් එකක් දාන්න ලැබුනේ..... ගොඩක් දෙනා බොහොම ආසාවෙන් බලාපොරොත්තුව සිටි නවතම හින්දි චිත්‍රපටයක හොද පිටපතක් දැන් නිකුත් වී තිබෙනවා. මෙම චිත්‍රපටයේ ගීත ඇල්බමයද මීට ඉහත ටොරනට් lk වෙතින් ලබා දුන්නා. Love Aaj Kal හින්දි චිත්‍රපට වලට කැමති ඔබ වෙනුවෙන්ම.



කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා........

Dil Bole Hadippa (2009) | හදවත නගයි ජය ඝෝෂා


මේ දිනවල ඉතා සාර්ථකව ඉන්දියාවේ සහ ශ්‍රි ලංකාවේ තිරගත වන චිත්‍රපටයක් ලබා දෙන්නයි මේ සූදානම් වෙන්නේ. සුරූපී බොලිවුඩ් නිලි රාණි මුඛර්ජි කලකට පසු වෙනස්ම අකාරයේ රංගනයක් සමගින් මෙම චිත්‍රපටයේ ද්විත්ව චරිත සදහා පණ පොවනවා. එසේම සුරූපී කඩවසම් නලු ශාහිඩ් කපූර්ගේ රංගනය ගැනත් සදහන් කල යුතුමයි.

කථාව කියනවනම් මෙන්න මෙහෙමයි....... ක්‍රිකට් ක්‍රිඩාවට ඉතා ලැදි එමෙන්ම ඉතා දක්ශ පංජාබ් යුවතියක් ඉන්නවා වීරා කියලා. ඇයගේ එම ලැදියාව නිසාම පිරිමි වෙස් ගෙන ඇතුල් වෙනවා ඉන්දියානු ක්‍රිකට් කන්ඩායමට. එම කන්ඩායමේ පුහුනුකරු වන රොහන් වෙත වීරාගෙ සිත ඇදී යන්නේ මෙහිදියි. ඉන් පසු අපුරූ අපුරූ සිදුවිම් සිදු වීම් සිදුවෙනවා. මම හිතන්නේ චිත්‍රපටය බාගත කරලම ඉතිරිය දැක බලාගත්තොත් හොදයි නේද?



කියන්න අමතක වුනා, Dil Bole Hadippa චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භ කරලා තියෙන්නේ පහුගිය මාසේ 18 වෙනිදා. ඒ කියන්නේ තවම මාසයක් නැහැ. ඒ වගේම මේකට link දෙකක්ම තියෙනවා. කැමති එකකින් බාගත කර ගන්න.










මෙන්න මෙතනින් බාගත කර ගන්න

නැත්නම් මෙතනින් බාගත කර ගන්න

The Final Destination 4 (2009) | මරුවා සමග වාසය


මෙන්න අද දෙන්න යනවා බාගෙනම බලන්න වටින චිත්‍රපටයක්. මේ වසරේ අගොස්තු 28 වන දින ඇමෙරිකාවේ තිරගත වීම ඇරඹුන The Final Destination කථා මාලාවේ නවතම චිත්‍රපටය වන The Final Destination 4 ටොරනට් ගොනුව ඔබට දැන් භාගත කර ගත හැකියි. භය හිතෙන හා කුතුහලයෙන් පිරි චිත්‍රපට නැරඹිමට ප්‍රිය කරන හැමොම මේකට කැමති වෙවී.

චිත්‍රපටයේ කථාව ගලා යන්නේ මෙහෙමයි. දිනක් යහලුවන් පිරිසක් යනවා ක්‍රිඩාංගනයක පැවැත්වෙන මොටර් රථ තරගයක් නරඹන්න. එහිදී සිදුවන දරුණු අනතුරකින් ප්‍රේක්ෂකාගාරයේ සිටින පිරිසක් මියයනවා. නමුත් ඒ සිදුවීම ඒක් තරුණයෙකුට කලින් දැනෙනවා. ඔහුට පුලුවන් වේවිද මිය යාමට නියමිත පිරිස බේරා ගැනීමට යන්න ඔබට චිත්‍රපටය නරඹාම තීරණය කර ගත යුතු වෙනවා.

මම දන්න තරමින් මේ චිත්‍රපටයේ හොද පිටපතක් නිකුත් වෙනතුරු ගොඩක් දෙනා ඇගිලි ගැන ගැන හිටියා. මේ පිටපත නිකුත් වෙලා වැඩි දවසක් නැහෑ. ඒ වගේම BDvD Rip එකක්. ඒක නිසා බය නැතිව අරගෙන රස විදින්න. එසේම ... එකක් දාලා යන්න අමතක කරන්න එපා.